මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිංගප්පූරුවේ හිටපු අග‍්‍රාමාත්‍ය ලී ක්වාන් යූ මහතා අභාවප්‍රාප්ත වෙයි

    මාර්තු 23, 2015

    සිංගප්පූරුවේ නිර්මාතෘවරයා ලෙස සැලකෙන හිටපු අග‍්‍රාමාත්‍ය 91 වියැති ලී ක්වාන් යූ මහතා අද උදෑසන (23) අභාවප්‍රාප්ත විය.

     

    මිය යන විට ලී ක්වාන් යූ මහතා  නිව්මෝනියා රෝගී තත්ත්වය හේතුවෙන් අසාධ්‍ය තත්වයේ පසුවූ අතර ඒ මහතා එරට රෝහලක හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි බව එරට  අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කර තිබුණි.

     

    1959 දී බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලැබීමෙන් පසු වසර 31ක කාලයක් අගමැතිවරයා වශයෙන් සිංගප්පුරුව පාලනය කරන ලද්දේ ලී ක්වාන් යු මහතා විසින්ය. කුඩා නගරයක්ව පැවති සිංගප්පූරුව මැලේසියාවෙන් වෙන්කර ස්වාධීන රාජ්‍යයක් ලෙස ස්ථාපිත කර ආසියාවේ ධනවත්ම රටවලින් එකක් බවට පත් කිරීමේ ගෞරවය ලී ක්වාන්යූ ට හිමි වේ.

     

    ඔහුගේ ජීවිතක්ෂයට පත්වීම නිවේදනය කළ එරට වත්මන් අග්‍රාමාත්‍ය ලී සෙයින් ලූන් මහතා කියා සිටියේ ඔහු නිදහස වෙනුවෙන් පුරෝගීව සටන් කළා පමණක් නොව සිංගප්පූරු වැසියන් බව ලොවට ආඩම්බරයෙන් හඬ නගා කීමට හැකි ලෙස ජාතිය ගොඩනැඟූ බවයි.

     

    අග‍්‍රාමාත්‍ය ලී ක්වාන් යූ මහතාගේ අවසන් කටයුතු එළඹෙන 29 වැනි ඉරිදා දින සිදු කිරීමට නියමිතය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya