දකුණු අප්‍රිකාව් උප ජනාධිපතිනිය වූ ඇය ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ තත්ත්වය පිළිබඳ ශ්‍රී ලංකා ඇමතිනිය සමඟ සාකච්ඡා කරමින් රජයේ දින 100 වැඩපිළිවෙළ යටතේ කරගෙන යන කාන්තා වැඩපිළිවෙළ ගැන ඇය දැනුවත් කළාය.
උතුරු නැගෙනහිර කාන්තාවන්ගේ ප්‍රශ්න වෙනුවෙන් ගෙන ඇති විසඳුම් ද කාන්තා කාර්යාංශය හා ඒකාබද්ධව පොලිස් ඒකක පිහිටුවීම හා ශ්‍රී ලාංකික කාන්තාවන් දේශපාලන කටයුතුවලට වැඩි වැඩියෙන් සහභාගි කරගැනීමේ ඉඩකඩ ගැන ද දෙදෙනා විසින් සාකච්ඡා කරන ලදී. කාන්තා හිංසනය පිටුදැකීම සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති වැඩපිළිවෙළ ගැන ද "ඔහුට ඇය" ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ කඩිනමින් ක්‍රියාත්මක කිරීම හා මානසික මනෝවිද්‍යා වැඩපිළිවෙළ පවත්වාගෙන යාම ගැන ද සාකච්ඡා කෙරිණි.
NDH