මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිංගප්පූරුවේ හිටපු අග‍්‍රාමාත්‍ය ලී ක්වාන් යූ මහතා අසාධ්‍ය තත්වයෙන් පසුවේ

    මාර්තු 19, 2015

    සිංගප්පූරුවේ නිර්මාතෘවරයා ලෙස සැලකෙන හිටපු අග‍්‍රාමාත්‍ය ලී ක්වාන් යූ මහතා  නිව්මෝනියා රෝගී තත්ත්වය හේතුවෙන් අසාධ්‍ය තත්වයේ පසුවන අතර ඒ මහතා එරට රෝහලක හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් එරට  අග්‍රාමාත්‍ය කාර්යාලය ඊයේ පස්වරුවේ නිවේදනය කර ඇත.

     

    1959 දී බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලැබීමෙන් පසු වසර තිස් එකක කාලයක් අගමැතිවරයා වශයෙන් සිංගප්පුරුව පාලනය කරන ලද්දේ ලී ක්වාන් යු මහතා විසින්ය. සිංගප්පූරුව ආසියාවේ ධනවත්ම රටවලින් එකක් බවට පත් කිරීමේ ගෞරවය ලී ක්වාන්යූ ට හිමි වේ.

     

    එරට ජනතාවගේ නොමද ආදරයට හා ගෞරවයට පාත්‍ර වූ ලී ක්වාන් යූ මහතාට සුවය පතා ඔහු ප්‍රතිකාර ලබන රෝහල වෙත මල් සහ කාඩ් පත් රැසක් ලැබී තිබෙන බවත් සමාජ වෙබ් අඩවි හරහා ද ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සුවය පතා ඇති බවත් චැනල් නිව්ස් ඒෂියා පුවත් ජාලය පවසයි.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya