මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අන්තර් රෙජිමේන්තු ප්‍රායෝගික රයිෆල් වෙඩි තැබීමේ තරගාවලිය

    මාර්තු 19, 2015

    යුද හමුදා සුළු අවි සංගමය විසින් සංවිධානය කරන ලද වාර්ෂික අන්තර් රෙජිමේන්තු ප්‍රයෝගික රයිෆල් වෙඩි තැබීමේ තරගාවලිය මාර්තු මස 09 සිට 16 දක්වා දියතලාව මීටර් 1000 වෙඩිපිටියේ දී පවත්වන ලදී.

     

    මෙහි ත්‍යාග ප්‍රදානෝත්සවය පසුගිය සඳුදා (16) යුද හමුදා මාණ්ඩලීක ප්‍රධානි මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත් වූ අතර, මෙම වසරේ ප්‍රායෝගික රයිෆල් වෙඩි තැබිමේ තරගාවලිය සඳහා කණ්ඩායම් 40 ක් සහභාගි වූහ.

     

    මෙවර තරගාවලිය සඳහා රෙජිමේන්තු 20 ක් නියෝජනය කරමින් පිරිමි සහ කාන්තා කණ්ඩායම් සහභාගි වූ අතරම, කණ්ඩායම් ශූරතාවය ශ්‍රී ලංකා යුද හමුදා සේවා බලකායටත්, ආධුනික භට කණ්ඩායම් හා විවෘත කණ්ඩායම් ශුරතා ගැමුණු හේවා බලකායටත් හිමිවිය.

     

    මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා මෙන්ම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    SDF/army

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya