මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චීන 12 වැනි ජාතික මහජන කොංග්‍රසයේ තුන් වැනි සැසිය සාර්ථකව අවසන්

    මාර්තු 16, 2015
    චීන 12වැනි ජාතික මහජන කොංග්‍රසයේ 03 වැනි සැසිවාරයේ හතර වැනි පූර්ණ සැසිය ඊයේ (15) පැවති අතර, ඒ අනුව චීනයේ ජාතික මහජන කොංග්‍රසයේ වාර්ෂික සැසිවාරය ඉතා සාර්ථකව ඊයේ අවසන් විය.
    ෂී චින්පිං, ලී කච්‍යාං, යූ චෙන්ශෙන් ඇතුළු චීන නායකයෝ ඊට එක් වූහ. ඒ අනුව 3000කට ආසන්න නියෝජිත පිරිසක් මෙවර ජාතික මහජන කොංග්‍රසයේ වාර්ෂික සැසිවාරයට එක් සිටියහ.
     
    ඔවුහු චීන රාජ්‍ය කාර්ය වාර්තාව ඇතුළු යහපාලනය පිළිබඳ කෙටුම්පත් රැසක් සම්බන්ධයෙන් සාකච්ජා කරමින් එහිදී සම්මත කළහ. ගෙවී ගිය වසරේ විවිධ ක්‍රියාදාමයන්හි ලැබූ ජයග්‍රහණයන් සහ ඉදිරි වසරේ වැඩපිළිවෙළ ‍මෙවර සැසිවාරයේදී ‍ඉදිරිපත් කෙරිණ.
     
    මේ අතර, චීන 12 වැනි ජාතික මහජන කොංග්‍රසයේ 03 වැනි සැසිවාරය අවසන් වීමෙන් පසු  චීන අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් දෙස් විදෙස් මාධ්‍ය හමුවක් පැවැත් වූ අතර චීන අග්‍රාමාත්‍ය ලී කච්‍යාං මහතා චීන ආර්ථික, සමාජ, රාජ්‍යතාන්ත්‍රික ඇතුළු යහපාලන ප්‍රතිපත්ති සම්බන්ධයෙන් දෙස් විදෙස් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දුන්නේ ය.
     
    චීන ආර්ථිකය නව ස්ථාවර තත්ත්වයට ප්‍රවේශ වී ඇතැයි ලී කච්‍යාං මහතා එහිදී පෙන්වා දුන්නේ ය. ආර්ථිකය යහපත් අයුරින් තහවුරු කර ගැනීමේ අධිෂ්ඨානය චීනයට හිමි වන බව හෙතෙම පැවසීය. චීනයේ ආර්ථික ප්‍රමාණය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 10 අභිබවා ගොස් තිබේ. මේ වසරේ ආර්ථික සංවර්ධන ඉලක්කය සියයට 7 දක්වා සංශෝධනය කළ ද මධ්‍යම පෙළේ රටක සමස්ත සංවර්ධන වටිනාකම හා සමාන ප්‍රමාණයෙන් චීනයේ වාර්ෂික ඉලක්කයන් සකස් කෙරෙනු ඇතැයි ලී කච්‍යාං මහතා එහිදී පෙන්වා දුන්නේය.
     
    මීට අමතරව, රටේ සමෘධිමත් බව ඉටු කරන්නේ ජනතා නිර්මාණශීලීත්ව හැකියාව ශක්තිමත් කිරීම මත යැයි චීන අග්‍රමාත්‍යවරයා මෙම මාධ්‍ය හමුවීමේදී ප්‍රකාශ කළේ ය. නීතිමය රාමුව ය‍ටතේ රට පාලනය ශක්තිමත් කරමින්, ප්‍රතිසංස්කරණය අඛණ්ඩව පුළුල් කිරීමටද හෙතෙම එහිදී අවධානය යොමු කළේ ය.

     kpm/CRI

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya