මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික මැරතන් තරගයේ මධ්‍යම හා බස්නාහිර මුල් තැනට

    මාර්තු 16, 2015
    2015 ජාතික මැරතන් තරගයේ පිරිමි තරගයේ පළමු ස්ථානය මධ්‍යම පළාතට හිමි වූ අතර කාන්තා තරගයේ පළමු ස්ථානය බස්නාහිර පළාතට හිමි විය.
     
    පිරිමි මැරතන් තරගයේ පළමු ස්ථානය මධ්‍යම පළාත නියෝජනය කළ ලයනල් සමරජීව විසින් දිනාගත් අතර දෙවන ස්ථානය ඌව පළාත නියෝජනය කළ ආර්.එම් සමන් කුමාර විසින් දිනා ගන්නා ලදී. එමෙන්ම පිරිමි ඉසව්වේ සමස්ත ශූරතාවය ඌව පළාතට හිමි විය. 
     
    කාන්තා තරගයේ පළමු ස්ථානය බස්නාහිර පළාත නියෝජනය කළ නිලූකා රාජසේකර විසින් දිනාගත් අතර දෙවන ස්ථානය දකුණු පළාත නියෝජනය කළ ගයන්තිකා අබේනායක විසින් දිනා ගන්නා ලදී. කාන්තා ඉසව්වේ සමස්ත ශූරතාවය බස්නාහිර පළාතට හිමි විය.
     
    නුවරඑළිය දිස්ත්‍රික්කයේ ගෝල්ෆ් ක්‍රීඩාංගණයෙන් පෙරේදා (14) මෙම ජාතික තරගය පැවති අතර මේ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 200කට ආසන්න සංඛ්‍යාවක් සහභාගී වූහ.
     
    ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද මෙම තරගය සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්  පැවැත්විණි.
     
    වයඔ පළාත් ක්‍රීඩා අමාත්‍යතුමා මේ අවස්ථාවට සහභාගී වී සිටි අතර ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රංජනී ජයකොඩි මහත්මිය ඇතුළුව නිලධාරීහු රැසක් මේ අවස්ථාව සඳහා සහභාගී වී සිටිය හ.  නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් මේ සඳහා සම්බන්ධීකරණ දායකත්වය දක්වන ලදී.
    kpm_DMU_SH_ Nuwaraeliya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya