මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශී‍්‍ර ලංකාවේ ජාතීන් අතර සුහදතාව වර්ධනයට ඇමරිකාව කැපවෙයි

    මාර්තු 12, 2015
    ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා ජාතීන් අතර අන්‍යොන්‍ය සුහදතාව වර්ධනය කර ගැනීමට ශී‍්‍ර ලංකාවට, අමෙරිකා එක්සත් ජනපදයේ සහයෝගය ලබා දෙන බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ කලාපීය කරුණු සම්බන්ධයෙන් සිටින නියෝජ්‍ය අධ්‍යක්ෂ නීල් ක්රොමාෂ් මහතා පෙරේදා (10) ඉන්දියාවේ කල්කටා හිදී පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය .
     
    මේ වන විට ශී‍්‍ර ලංකාව ධනාත්මක වෙනසකට ලක්වෙමින් පවතී. ඉකුත් ජනවාරියේ පැවැති ජනාධිපතිවරණයෙන් පසුව නව රජයේ වැඩපිළිවෙළ ඔස්සේ ශී‍්‍ර ලංකාවේ ධනාත්මක වෙනසක් දක්නට ලැබෙන බව නීල් ක්රෝමාෂ් මහතා පවසා ඇත.
     
    නව රජය ශී‍්‍ර ලංකාවේ නැවතත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීම වෙනුවෙන් කටයුතු කරමින් සිටියි. ඒ වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයට කළ හැකි සියල්ල සිදු කරන බව ද නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා සඳහන් කර තිබේ. 
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya