මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ක්‍රීඩා සභාවේ නිලධාරීන්ට පත්වීම් ප්‍රදානය කෙරේ

    මාර්තු 12, 2015
    1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 4(02) වගන්තියට අනුව 2015/2017 වසර සඳහා ජාතික ක්‍රීඩා සභාවට නිමල් ලෙව්කේ මහතාගේ සභාපතීත්වයෙන් යුතු නව නිලධාරීන් තෝරා පත්කිරීම පසුගියදා සිදු වූ අතර එම නිලධාරීන් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ඊයේ (11) ක්‍රීඩා අමාත්‍යංශයේ දී සිදුවිණි.
     
    මෙම අවස්ථාවේ දී නව නිලධාරී මඩුල්ලේ සභාපති නිමල් ලෙව්කේ මහතා සහ සාමාජිකයන් වන සිදත් වෙත්තමුණි, ජුලියන් බෝලීන් හා සුසන්තිකා ජයසිංහ යන මහත්ම මහත්මීන්  සඳහා ද පත්වීම් ලිපි පිරිනැමිණි.
     
    “ක්‍රීඩාවට දක්ෂ දරුවන් හඳුනාගෙන ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබාදෙමින් රටට කීර්තියක් ලබාගත හැකි ක්‍රීඩකයන් බිහිකිරීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක අවශ්‍යතාවය රටට ඇති වී ඇති අවස්ථාවක මෙම පත් කළ කමිටුව මඟින් සෑම ක්‍රීඩාවක් සඳහා ම එක හා සමාන වැදගත්කමක් ලබාදෙමින් ඒ ඒ ක්‍රීඩා සම්බන්ධව මතු වී ඇති ගැටලු සඳහා ක්ෂණිකව ක්‍රියාත්මක වී ක්‍රීඩාව දියුණු කිරීමට ප්‍රතිපත්තිමය වෙනසක් ඇති කිරීම බලාපොරාත්තු වන බව සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසී.
     
    ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකයන් මසකට වරක් හෝ තමන් හමුවී ගැටලු හා තීන්දු තීරණ පිළිබඳ ව සාකච්ඡා කළ යුතු යැයි ද ඒ මහතා මෙහිදී ප්‍රකාශ කර සිටියේය.
     
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya