මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය බ්‍රිතාන්‍ය විදේශ කටයුතු පිළිබඳ ලේකම් හමුවේ

    මාර්තු 12, 2015

    ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා බ්‍රිතාන්‍ය විදේශ කටයුතු පිළිබඳ ලේකම් පිලිප් හැමන්ඩ් මහතා සමඟ නව රජයේ යෝජිත ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳව සාකච්ඡාවක් ලන්ඩන් නුවර දී සිදු කර ඇත.

     

    එක්සත් රාජධානිය සහ ශ්‍රී ලංකාව අතර සබඳතාව පිළිබඳව ද අමාත්‍ය සමරවීර මහතා හා විදේශ ලේකම් හැමන්ඩ් මහතා සාකච්ඡා කර ඇති අතර, එක්සත් රාජධානියට ශ්‍රී ලංකා නව රජයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා සහාය විය හැකි ආකාරය පිළිබඳවත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත ඒ පිළිබඳව සිය පොරොන්දු ඉදිරිපත් කිරීම සම්බන්ධවත් ඒ මහත්වරු සාකච්ඡා කළ බව පසුගිය සඳුදා (09) විදේශ සහ පොදු රාජ්‍ය මණ්ඩලීය කාර්යාලය ප්‍රකාශ කළේය.

     

    "අප දෙරට අතර පවත්නා අපගේ මිත්‍රත්වය අලුත් කිරීම පිළිබඳ පැහැදිලි ප්‍රකාශනයක් ලෙස එක්සත් රාජධානියට සපැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පිළිගැනීමට ලැබීම පිළිබඳව මම සතුටු වෙනවා" යැයි විදේශ ලේකම් එහිදී ප්‍රකාශ කළේය.


    "අපි පොදු රාජ්‍ය මණ්ඩලය හරහා, ශ්‍රී ලංකාව සමඟ දීර්ඝ කාලීන සබඳතා පවත්වාගෙන යන අතර දැන් මෙම සහයෝගීතා තව තවත් වර්ධනය කරගැනීම සඳහා වෙළඳ, අධ්‍යාපන හා සංචාරක ක්ෂේත්‍ර ඇතුළු සබඳතා දියුණු කර ගැනීමට හැකියාව ඇත" යැයි ද හැමන්ඩ් මහතා පැවසීය.

     

    නව ශ්‍රී ලංකා රජයේ ප්‍රතිසංස්කරණ සැලසුම් ක්‍රියාත්මක කිරීමට එක්සත් රාජධානියේ සහාය ලබා දීමට බලාපොරොත්තු වන බවත්, ශ්‍රී ලංකාව එහි ජනතාවට වඩාත් ශක්තිමත් හා සමෘද්ධිමත් ස්ථානයක් බවට පත් කිරීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී හා වගකීම් සහගත රජයක් ගොඩ නැගීම උදෙසා කටයුතු කිරීමට සහාය වන බවත් හැමන්ඩ් මහතා කියා සිටියේය.

     

    විශේෂයෙන් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය (OHCH) සමඟ ශ්‍රී ලංකාව සබඳතා ගොඩනඟා ගැනීම පිළිබඳව බ්‍රිතාන්‍ය විදේශ ලේකම් විසින් එහිදී අගය කරන ලදී.

     
    අමාත්‍ය මංගල සමරවීර මහතා පොදු රාජ්‍ය මණ්ඩලීය සැමරුම් උළෙලට සහභාගි වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමඟ ලන්ඩනයේ සංචාරයක නිරත වේ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya