මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දියාව ශී‍්‍ර ලංකාවේ සංවර්ධනයට කැප වී සිටිනවා - ඉන්දීය අගමැති

    මාර්තු 12, 2015
    ඉන්දියාව ශී‍්‍ර ලංකාවේ සංවර්ධනයට කැප වී සිටින අතර ඉන්දු - ශී‍්‍ර ලංකා ඉතිහාසයේ ස්වර්ණමය පරිච්ඡේදයක් ලිවීමට හැකි බව තමා තුළ විශාල විශ්වාසයක් පවතින බවද නරේන්ද්‍ර මෝදි මහතා සඳහන් කර තිබේ.
     
    ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අතර පවතින ඓතිහාසික මිතුදම තවදුරටත් ශක්තිමත් කර ගැනීමට අවස්ථාව සැලසෙන ශී‍්‍ර ලංකා සංචාරය සම්බන්ධයෙන් තමා මහත් උනන්දුවකින් පසුවන බව ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසයි.
     
    මිත‍්‍ර රටවල් සමග පවතින සබඳතා වැඩි දියුණු කර ගැනීම තම අරමුණ බව පෙන්වා දෙන ඒ මහතා ඉතා සතුටින් සහ විශ්වාසයෙන් යුතුව තමා ශී‍්‍ර ලංකාවේ සංචාරය කිරීමට අපේක්ෂා කරන බවද සිය ෆේස් බුක් පණිවුඩයේ සඳහන් කරයි.
     
    ශී‍්‍ර ලංකාවේ සංචාරය එළඹෙන තුරු මහත් උනන්දුවෙන් හා අශාවෙන් යුතුව බලා සිටින බව සඳහන් කරන මෝදි මහතා, 
    එමගින් දෙරට අතර සබඳතා ඉදිරියේ දී තවදුරටත් ශක්තිමත් වනු ඇති බවට විශ්වාසය පළ කරයි.
     
    දකුණු ආසියානු අසල්වැසි රටවල් වු ඉන්දියාව හා ශී‍්‍ර ලංකාව අතර සබඳතා ශක්තිමත් කර ගැනීමේ වැදගත්කම සිය පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් කරයි.
     
    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ඉන්දීය සංචාරයෙන් පසුව නැවත වරක් එතුමා මුණ ගැසීමට ලැබෙන අවස්ථාව පිළිබඳ ව නරේන්ද්‍ර මෝදි මහතා කැමැත්තෙන් පසු වේ.
     
    ශී‍්‍ර ලංකාව සමග ඉන්දියාව පවත්වාගෙන යනු ලබන සබඳතා කාලයක සිට පැවැති බවත් ඉතිහාසයේ උරුමයන් හා අගයයන් පොදු අතර දෙරට ම කි‍්‍රකට් කී‍්‍රඩාවටද ලැදි රටවල් බව එහි සඳහන් කර ඇත.
     
    මේ අතර ඉන්දීය විදේශ ලේකම් ආචාර්ය එස්. ජයිශංකර් අගමැති සංචාරයේ දී ඉන්දියාවේ ආර්ථික සහයෝගීතාවය ශක්තිමත් කර ගැනීමටත් ආයෝජන, යටිතල පහසුකම්, පුනරුත්ථාපන සහ සංවර්ධන සහයෝගීතාව ඉහළ නංවා ගැනීම පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතය.
     
    නිවාස, දුම්රිය මාර්ග ඉදිකිරීම සහ අලුත්වැඩියා කිරීම බලශක්ති ක්ෂේත‍්‍රයේ නව ව්‍යාපෘති ආරම්භය පිළිබඳ මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය.
     
    උතුරු පළාතට 42,000, නැගෙනහිර පළාතට 4000 සහ මධ්‍යම සහ ඌව පළාත් සඳහා 4000 බැගින් ශී‍්‍ර ලංකාව තුළ නිවාස 50,000ක් ඉදිකිරීමට පොරොන්දු වු බවත් ඉන් නිවාස 27,000ක් ඉදිකර ඇති අතර අගමැති නරේන්ද්‍ර මෝදි මහතා උතුරු පළාතේ සංචාරයේ දී යාපනයේ අවතැන් වු ජනතාව වෙත සංකේතාත්මකව නිවාස භාරදීමට ද කටයුතු කරනු ඇත.
     
    ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා දෙදින නිල සංචාරයක් සඳහා හෙට (13) දිවයිනට පැමිණීමට නියමිතය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya