මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා ප්‍රවර්ධන සමුළුව චීනයේදී

    මාර්තු 12, 2015
    ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන සමුළුව චීනයේ Fu Jian පළාතේ Quan Zhou නගරයේදී පෙරේදා (10) ආරම්භ විය.
     
    චීනයේ ශ්‍රී ලංකා තානාපති රංජිත් උයන්ගොඩ මහතා හා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම සමුළුව නියෝජනය කරමින් ඒ සඳහා සහභාගි වූහ.
     
    මෙම අවස්ථාවට එක් වූ චීනයේ ශ්‍රී ලංකා තානාපති රංජිත් උයන්ගොඩ මහතා ප්‍රකාශ කළේ 5 වන සියවසේ සිට ශ්‍රී ලංකාව හා Quan Zhou නගරය අතර සබඳතා ගොඩනැගී ඇති බවයි. 
    මුහුදු සේද මාවත දෙපාර්ශවයේ සබඳතාව ස්ථාවර කර ඇති බවත්, ශ්‍රී ලංකා රජ පෙළපතින් පැවත එන කුමරියක වන Xushi Yin‍’e මහත්මිය Quan Zhou නගරයේ සතුටින් ජීවත් වන බවත් ශ්‍රී ලාංකේය රජ පෙළපතට අයත් අය මේ නගරයේ වසර 500ක් පමණ කාලයක සිට ජීවත් ව ඇති බවත් තනානපතිවරයා සඳහන් කරයි.
     
    2014 වසරේ පමණක් චීන සංචාරකයන් එක් ලක්ෂ විසි අට දහසක් ලංකාවේ සංචාරය කර ඇති බවත් එය 2013 වසරට වඩා 136% ක වැඩි වීමක් බවත් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ චින්තක ලියනආරච්චි මහතා පැවසීය.
    kpm/CIR

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya