මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    FIFA පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ පළමු මූලික තරගය ශ්‍රී ලංකාවේ දී

    මාර්තු 11, 2015

    රුසියාවේ පැවැත්වීමට නියමිත 2018 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ මූලික සුදුසුකම් ලැබීමේ පළමු තරගය හෙට (12) පස්වරු 3.00 ට කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී ශ්‍රී ලංකාව හා භූතානය පාපන්දු කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතය.

     

    පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල 173 වන ස්ථානයේ සිටින ශ්‍රී ලංකාව වසර 75 ක් වන ශ්‍රී ලංකා පාපන්දු ඉතිහාසයේ පළමු වතාවට පාපන්දු ලෝක කුසලාන තරගාවලියක දෙවන වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට මෙම තරගය මගින් අවස්ථාවක් හිමි වේ. ඒ අනුව රුසියාවේ පැවැත්වීමට නියමිත 2018 පාපන්දු ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ දී ජාත්‍යන්තර තරග 10කට සහභාගී වීමට අවස්ථාව ලැබේ.

     


    ශ්‍රී ලංකාවේ ජාතික පාපන්දු කණ්ඩායමේ නායකත්වය චතුරංග සංජීව හොබවන අතර නාලක රොෂාන් උප නායකත්වය දරයි.

     

    ප්‍රධාන පුහුණුකරු Nicola Kavazovic, ජාතික පුහුණුකරු සම්පත් පෙරේරා සහ සහයක පුහුණුකරු Duddley Stainwall යන මහත්වරු මෙම අභියෝගාත්මක තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම සූදානම් කරවති.

     

    මෙම තරගාවලියේ ඉවත් කිරීමේ තරගය මාර්තු මස 17 වැනි දින භූතානයේ තිම්පු නුවර දී පැවැත්වේ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya