මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එක්දින ක්‍රිකට් ඉතිහාසයේ එක ‍පෙළට ශතක 4ක් වාර්තා කළ ලොව එකම පිතිකරුවා සංගක්කාර

    මාර්තු 11, 2015

    එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග ඉතිහාසයේ එක ‍පෙළට ශතක 4ක් වාර්තා කළ ලොව එකම පිතිකරුවා බවට පත්වීමට ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර අද (11) සමත් විය.

     

    මෙය ලෝක කුසලාන තරග ඉතිහාසයේ ද නව වාර්තාවක් වන අතර අද ස්කොට්ලන්තය සමඟ පැවැත්වෙන තරගයේදී  පන්දු 86කදී සිය සිවුවන ශතකය ලබාගනිමින් ඔහු මෙම වාර්ථාව පිහිටුවා ඇත.

     

    මීට පෙර පාකිස්තානයේ සහීර් අබ්බාස්, සහීඩ් අන්වර්, නවසීලන්තයේ රොස් ටේලර්, දකුණු අප්‍රිකාවේ ඒ.බී.ඩිවිලියර්ස්, හර්ෂල් ගිබ්ස් සහ ක්වන්ටම් ඩී.කොක් යන ක්‍රීඩකයන් පිට පිට ශතක තුනක් ලබා තිබුණි.

     

    ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ මෙතෙක් පවත්වා ඇති එක්දින තරග 3631දී කිසිඳු පිතිකරුවෙකු මෙම දස්කම පෙන්වා නොතිබීමත් විශේෂත්වයකි.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya