මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කිත්රුවන් සහ කෞෂාල් ඕස්ට්‍රේලියාවට

    මාර්තු 10, 2015

    ආබාධයකට ලක්ව සිටින දිනේෂ් චන්දිමාල් සහ රංගන හේරත් වෙනුවට කිත්රුවන් විතානගේ සහ තරිඳු කෞෂාල් ශ‍්‍රී ලංකා කණ්ඩායමට එක් කිරීම සඳහා ඕස්ට්‍රේලියාවට පිටත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව නිර්දේශ කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

     

    ඊට අදාළ අවසරය ලබාගැනීම වෙනුවෙන් මෙම ක‍්‍රීඩකයින්ගේ නම් ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයේ තාක්ෂණික කමිටුව වෙත යොමුකර ඇත.

     

    මෙවර ලෝක කුසලාන තරගාවලිය අතරතුර දී චන්දිමාල් සහ හේරත් හැර තවත් ක්‍රීඩකයින් තිදෙනෙකු ආබාධයන්ට ලක්වූ අතර ඒ වෙනුවට උපුල් තරංග, ජනිත් කුසල් සහ සීකුගේ ප්‍රසන්න යන ක්‍රීඩකයින් ද මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවනු ලැබූහ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya