මුහුදු සීමා උල්ලංඝණය කිරීම හේතුවෙන් මෙම ධීවර බෝට්ටු පසුගිය වසරේදී අත්අඩංගුවට ගෙන තිබුණි. එම බෝට්ටු 05 ඉකුත් සෙනසුරාදා (07) අධිකරණ නියෝගයක් මත ටුටිකොරින් හිදී නිදහස් කිරීමට නියම කර ඇත.
ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන්ගේ ද සහාය ඇතිව මේ වන විට අදාළ බෝට්ටු නිදහස් කිරීමේ ඉදිරි කටයුතු සඳහා බලධාරීන්ට භාර දී තිබේ.
ඉන්දීය වෙරළාරක්ෂක කණ්ඩායමේ අණදෙන නිලධාරීවරයෙක් ද හින්දු පුවත්පතට පවසා ඇත්තේ මෙම බෝට්ටු සමග ශී්ර ලාංකික ධිවරයින් 11 දෙනෙකු ද ඉන්දීය මුහුදු සීමාවේ දී ශී්ර ලංකා නාවික හමුදාවට භාරදීමට නියමිත බවය.
පසුගිය 2014 වසරේ මැයි මාසයේ දී ධීවර බෝට්ටු 03 ක් ද , එම වසරේම සැප්තැම්බර් මාසයේදී තවත් බෝට්ටු දෙකක් ද අත්අඩංගුවට ගෙන තිබුණි.