මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංගක්කාර එක්දින ලකුණු 14,000 පසු කළ ලොව 2 වන පිතිකරුවා බවට පත් වෙයි

    මාර්තු 09, 2015

    එක් දින ලකුණු 14, 065ක් ලබා සිටින කුමාර් සංගක්කාර එක් දින ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ ලකුණු 14,000 පසු කළ ලොව 2 වන පිතිකරුවා බවට පත් විය.

     

    37 හැවිරිදි සංගක්කාර සිය 402වැනි එක්දින තරගය ලෙස ඊයේ (08)  ඕස්ට්‍රේලියාවේ සිඩ්නි ක්‍රීඩාංගණයේ පැවති ඔස්ට්‍රේලියාවට එරෙහිව ලෝක කුසලාන තරගයකට එක් වෙමින් ලකුණු 104ක් ලබා සිය ක්‍රිකට් දිවියේ මෙම සුවිශේෂී සන්ධිස්ථානය පසු කළේය.

     

    මෙම තරගයේ දී පන්දු 45කට අර්ධ ශතකයක් වාර්තා කර සංගක්කාර ඒ අනුව එක්දින අර්ධ ශතක 93කට හිමි කම් කියයි.

     

    එක්දින තරග 463ක් ක්‍රීඩා කර ලකුණු 18,426ක් ලබා ගත් ඉන්දීය ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් ලකුණු 14,000 සීමාව පසු කළ ලොව පළමු ක්‍රීඩකයා වේ.

     

    සංගක්කාර බංග්ලාදේශය හා එංගලන්තයට එරෙහිව ඔහු පූර්ව ලෝක කුසලාන තරග දෙක තුළ නොදැවී ශතක දෙකක් ලබා ගන්නට සමත් විය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya