මේ වෛද්‍ය උපකරණ ඊයේ (02) නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ දී සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ප්‍රදානය කෙරිණි. "මෛත‍්‍රී පාලනයක් - සිය දිනකින් අලුත් රටක්" යන්න යථාර්ථයක් බවට පත් කරමින් නිරෝගිමත් ශී‍්‍ර ලාංකික පරපුරක් උදෙසා ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබා දීමේ අරමුණින් දිවයින පුරා පිහිටි දිසා රෝහල්, මූලික රෝහල්, මහ රෝහල් සහ ශික්ෂණ රෝහල් 62ක් සඳහා මේ වෛද්‍ය උපකරණ තොගය බෙදා දෙනු ඇත.
ජපන් රජය ලබා දුන් මෙම උපකරණ තොඟයට Ultasound Scanner යන්ත්‍ර 100ක් සහ ICU Monitor 240ක් ඇතුළත්ය.
මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය, වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසුවේ, ජපන් ශ‍්‍රී ලංකා මිතුදම දිර්ඝ කාලීන මිතුමක්දමක් වන බවත්, ජපන් රජය විසින් ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ සංවර්ධනය සඳහා විශාල වශයෙන් දායකත්වය ලබාදී ඇති බවයි. සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ භෞතික සම්පත් සංවර්ධනයෙ හි ලා ජපාන රජය මේ දක්වා දක්වන ලද සහයෝගයට ශ‍්‍රී ලංකා රජය වෙනුවෙන් තම කෘතඥතාව පළ කරන බවත්, ඉදිරියේදීත් ශ‍්‍රී ලංකා ජපන් මිතුදම තවත් ශක්තිමත් කිරීමට අතිගරු ජනාධිපතිතුමා ඇතුළු නව රජය කටයුතු කරන බවත්ය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, මෙම උපකරණ දිවයින පුරා පිහිටි දිසා රෝහල්, මූලික රෝහල්, මහ රෝහල් සහ ශික්ෂණ රෝහල් 62ක් සඳහා ලබාදීමට පියවර ගන්නා බවත්, එමඟින් දිවයින පුරා වෙසෙන ජනතාවට වඩාත් ඵලදාසි සෞඛ්‍ය සේවාවාක් ලබාදීමට හැකි වන බවත් පවසා සිටියේය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය එම්.ටී. හසන් අලි, ශ‍්‍රී ලංකා ජපන් තානාපති නොබුහිතෝ හොබෝ, දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම් පර්ල් වීරසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වැඩබලන වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර යන මහත්ම මහත්මීහු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීහු, රෝහල් අධ්‍යක්ෂවරු, වෛද්‍ය අධිකාරීවරු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
NDH