නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුද්ධය නිමා වී සාමය උදා වුනත් නියම සාමය උදාවන්නේ සියලු ජන කොටස් ඒකරාශි කොට ලබා දෙන ස්ථිරසාර දේශපාලන විසඳුමකින් - රවුෆ් හකීම්

    පෙබරවාරි 26, 2015

    යුද්ධය නිමා වී සාමය උදා වුනත් නියම සාමය උදාවන්නේ සියලු ජන කොටස් ඒකරාශී කොට ලබා දෙන ස්ථිරසාර දේශපාලන විසඳුමකින් බව නාගරික සංවර්ධන, ජල පවාහන සහ වාරිමාර්ග අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසයි.

    ඒ මහතා මේ බව අවධාරණය කළේ දකුණු අප‍්‍රිකාවේ ජාත්‍යන්තර සම්බන්ධතා හා සහයෝගීතා කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නොමැන්ඩියා මෙෆ්කිටෝ මහත්මිය (Nomaindia Mfeketo) ඇතුළු විශේෂ ඳූත පිරිස හමුවෙමින්, කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ ඊයේ (25) පෙරවරුවේ පැවති විශේෂ සාකච්ඡාවකදීය.

     

    මෙහිදී ද්විපාර්ශ්වික වශයෙන් දෙරටටම වැදගත් කරුණු රැසක් සාකච්ඡා කෙරිණි. පසුගිය සමයේ මෙරට ජනතාව ප‍්‍රජාතන්ත‍්‍රවාදය, වෙනුවෙන් දැවැන්ත තීන්දුවක් ගත් බවත් එතුළින් ජාතීන් අතර විශ්වාසය ගොඩ නැංවීමේ අවශ්‍යතාවයක් ඇති බවත් අමාත්‍ය හකීම් මහතා එම දූත පිරිසට පෙන්වා දුන්නේය.

     

    තවද පසුගිය කාල පරිච්ඡේදයේ මෙරට සාමය හා සංහිඳියාව වෙනුවෙන් දකුණු අප‍්‍රිකාවේ රජය විශේෂ සහයෝගයක් ලබා දුන් බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. දකුණු අප‍්‍රිකාවේ උප ජනාධිපති සිරිල් රැම්පෝසා මහතා ගේ රාජ්‍ය තාන්ති‍්‍රක කි‍්‍රයාවලිය තුළින් මෙරට සාමය හා සංහිඳියාව පිළිබඳ විශේෂ අත්දැකීම් හුවමාරු කර ගැනීමට හැකි වූ අතර ඔහුගේ කැපවීමට අමාත්‍ය හකීම් මහතා දකුණු අප‍්‍රිකානු රජයට ස්තූතිය පළ කිරීමට මෙය අවස්ථාවක් කරගන්නා බව ද පැවසීය.

     

    දකුණු අප‍්‍රිකාවේ සාමය හා සංහිඳියාව ඇති කිරීම සඳහා කි‍්‍රයාත්මක වූ විට දේශපාලනඥයින් කිහිපදෙනෙකුට හිරබත් කෑමට පවා සිදු වූ බවත්, එහෙත් එම කි‍්‍රයාකාරකම් තුළින් දකුණු අප‍්‍රිකාවේ ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීමට හැකි වූ බවත් මෙහිදී නොමැන්ඩියා මහත්මිය අදහස් දක්වමින් කියා සිටියේය. ඒ අනුව තම අත්දැකීම් උපයෝගී කරගනිමින් මෙරට  සංහිඳියාව ඇති කිරීමට සහයෝගය ලබා දීමට එතුමිය මෙහිදී පොරොන්දු විය.

     

    2014 ජූලි මාසයේ ශ‍්‍රී ලංකාවට පැමිණි දකුණු අප‍්‍රිකානු උප ජනාධිපති සිරිල් රැම්පෝසා පැවැත්වූ සාකච්ඡාවන් හි සාර්ථකත්වය සොයාබැලීම මෙම අප‍්‍රිකාණු ඳූත පිරිසේ ප‍්‍රධාන අරමුණ බව නොමැන්ඩියා මහත්මිය පැවසීය. මේ අනුව දකුණු අප‍්‍රිකාවේ සාමය හා සංහිඳියාව ඇති කිරීමේ කමිටුවේ අත්දැකීම් ශ‍්‍රී ලංකාවට ලබාදීමට කටයුතු කරන බව ද පවසා සිටියේය.

     

    නව රජය පිහිටුවීමෙන් පසු මෙරටට පැමිණි පළමු ප‍්‍රධාන ඳූත පිරිස දකුණු අපි‍්‍රකානු ඳූත පිරිසයි. ඉදිරියටත් මෙරට සාමය හා සංහිඳියාව ඇති කිරීමට දකුණු අප්‍රිකාවෙන් විශේෂ උදව් උපකාර බලාපොරොත්තු වන බව අවසන් වශයෙන් මෙම දූත පිරිස හමුවේ අමාත්‍ය හකීම් මහතා විසින් ඉල්ලීමක් සිදු කරන ලදී.

     

    මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ දකුණු අප‍්‍රිකාණු මහ කොමසාරිස් Goff Q. M. Doidge, ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රස් නියෝජ්‍ය ලේකම් නිසාම් කාරියප්පර්, ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අධ්‍යක්‍ෂක නීතීඥ ඒ.එම්. පායිස් යන මහත්වරුන් ද එක් වූහ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya