නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෘත්තීය මාර්ගෝපදේශය පිළිබඳ වැඩමුළුවක් මාතර - දෙවිනුවර දී

    පෙබරවාරි 24, 2015

    ‘වැඩ ලෝකයට පිවිසෙන ඔබට වෘත්තීය ගමන් මග ජය ගැනීමට අත්වැලක්’ මැයෙන් වෘත්තීය මාර්ගෝපදේශය පිළිබඳ දෙවන වැඩමුළුව හෙට (25) පෙ.ව. 9.00 සිට ප.ව. 4.00 දක්වා මාතර - දෙවිනුවර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ‍්‍රයේ දී පැවැත් වේ.

    සාමාන්‍ය පෙළ, උසස් පෙළ හෝ උසස් අධ්‍යාපනය අවසන් කළ හෝ නොකළ රැකියා අපේක්‍ෂිත ඕනෑම අයෙකු වෙනුවෙන් විවෘත මෙම වෘත්තීය මාර්ගෝපදේශ වැඩමුළුවේ අරමුණ තම හැකියාව හා ළැදියාව මත වැඩ ලෝකයට පිවිසීමට පෙර වෘත්තීය ජීවිතය සාර්ථක කර ගැනීමට මාර්ගෝපදේශකත්වය සැපයීමයි.

     

    රැකියා අපේක්‍ෂිත තරුණ තරුණියන්ගේ ආකල්පමය වෙනසක් ඇති කිරීම හා රැකියාවක් පිළිබඳ ඉලක්කයක් ඇති කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කරන බව මානව සම්පත් සංවර්ධන සහකාර දීප්ත රෝහණ මහතා පැවසීය.

     

    වෘත්තීය මාර්ගෝපදේශය පිළිබඳ ප‍්‍රවීණ දේශක අජිත් ජයවර්ධන මහතා මෙහි සම්පත් දායකත්වය සපයයි.
    මාතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලීය රැකියා සේවා මධ්‍යස්ථානය හා දෙවිනුවර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව මෙම වැඩමුළුව සංවිධානය කරයි.

    MAP/TI_dmu_matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya