ආපදා කළමනාකරණ අමාත්‍යංශය මගින් මේ සඳහා මුදල් ප්‍රතිපාදන සපයා ඇත. පසුගිය දෙසැම්බර් මාසයේ ඇති වු ගංවතුරින් අනුරාධපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 22ක නිවාස 2890කට හානි සිදුව ඇතැයි ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කරයි.
ඒ අතරින් නිවාස 563කට පුර්ණ හානි සිදුව තිබේ. අර්ධ හානි සිදුව ඇති නිවාස ගණන 2327 කි. පුර්ණ හානි සිදුවු නිවාස සඳහා ප්‍රදානය කෙරෙන මුදල රුපියල් මිලියන 140 කි. එහිදී එක් නිවාසයක් සඳහා මූලික අදියර යටතේ රුපියල් 2500ක් ලබාදෙයි. අර්ධ හානි සිදුවූ නිවාස වලට මෙතෙක් සිදු කර ඇති තක්සේරු වටිනාකමට අනුව ගෙවීම් සිදු කෙරේ.
ආපදා වන්දි මුදල් ප්‍රදානය කිරීමේ වැඩසටහන අනුරාධපුර ජයන්ති මාවතේ බන්ධනාගාර ක්‍රීඩාංගණයේ දී සිදු කිරීමට නියමිතය. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස නීතිය හා සාමය, ආපදා කළමනාකරණ හා ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ අමාත්‍ය ජොන් අමරතුංග මහතා සහභාගී වීමට නියමිතය.
SB_Anuradhapura (Dmu)