ඒ අනුව සෑම වසරක ම මහජන බැංකුව මගින් ක්‍රියාත්මක කෙරෙන නිදහසේ උපත මෙවරද ක්‍රියාවට නැංවිය. මෙම තේමාව යටතේ මේ මස 01 සිට 07 දක්වා උපත ලද සෑම බිලිඳෙකු වෙනුවෙන් ම රුපියල් 500ක් වටිනා ඉසුරු උදාන තෑගි සහතිකයක් පිරිනැමීමට මහජන බැංකුව කටයුතු යොදා තිබුණි.
ළඟම ඇති මහජන බැංකු ශාඛා වෙත මෙම සහතිකය ඉදිරිපත් කිරීම තුළින් දරුවා වෙනුවෙන් ඉසුරු උදාන ගිණුමක් විවෘත කරවා ගෙන එම ගිණුම දිගටම පවත්වාගෙන යාමේ හැකියාව පවතී. මේ වෙනුවෙන් පැවති ප්‍රධාන උත්සවය පසුගිය හතරවන දා බොරැල්ල කාසල් වීදියේ කාන්තා රෝහලේදී මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී එන්.වසන්ත කුමාර් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
ECB