නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දු - ලංකා වෙළෙඳ සබඳතා පුළුල් කිරීමට අවධානය

    පෙබරවාරි 01, 2015
    ඉන්දු ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ සිදුකෙරෙන ද්වීපාර්ශ්වීය භාණ්ඩ හුවමාරුවට අමතරව ආයෝජන හා සේවා අංශ වෙත ද අවධානය යොමුකළ යුතු බවත්, දෙරට අතර පවතින වෙළෙඳ සබඳතා ශක්තිමක් කිරීමට ඉන්දීය වාණිජ ලේකම් ප්‍රමුඛ ඉහළ පෙළේ නිල දූත පිරිසක් නුදුරේ දී ම මෙරටට පැමිණීමට නියමිත බවත්, ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස්, අරින්දම් භක්චි මහතා පැවසීය.
     
    නියෝජ්‍ය මහකොමසාරිස්වරයා මේ බව පැවසුවේ, ඉන්දු ශ්‍රී ලංකා වෙළෙඳ සබඳතා ශක්තිමක් කිරීමේ අරමුණින් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා සමඟ පැවති සාකච්ඡාවක් අතරවාරයේ දී ය. 
     
    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අරින්දම් භක්චි මහතා, "කාලාන්තරයක් මුළුල්ලේ පවතින ඉන්දු ලංකා සබඳතා ඓතිහාසික එකක් පමණක් නොව විවිධ පැතිකඩ වලින්ද සමන්විත වෙනවා. ශ්‍රී ලංකාව තුළ සිදුව ඇති නව පරිවර්තනවලින් අප දෙරට අතර තිබූ සබඳතා තවදුරටත් ශක්තිමත් වී නව සංදිස්ථානයකට පැමිණ තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙළෙඳපොළ ප්‍රතිපත්ති මත පදනම් වූ ආර්ථිකය තව තවත් ශක්තිමත් කිරීමට ගෙන ඇති තීරණය අප අගය කරනවා. ද්වීපාර්ශ්වික වෙළෙඳාම ශක්තිමත් කිරීමට මෑත කාලයේ දී අප දෙරටේ නියෝජිතයන් විසින් සාකච්ඡා වට 13 ක් පමණ පවත්වා ඇති අතර, එමගින් ඉන්දු ලංකා අපනයන සැලකිය යුතු ලෙස වර්ධනය වී තිබෙනවා. අපගේ අන්‍යෝන්‍ය වෙළෙඳ සබඳතාවයන් භාණ්ඩ ආනයනයට හා අපනයනයට අමතරව ආයෝජන හා සේවා අංශ සඳහා ද පුළුල් කිරීමට දැන් කාලය පැමිණ තිබෙනවා."
     
    ඊට පිළිතුරු දුන් අමාත්‍ය, බදියුදීන් මහතා කියා සිටියේ, ඉන්දු ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම ඉතා හොඳින් ක්‍රියාත්මක වීම තම සතුටට කරුණක් බවයි. එමෙන්ම එහි ශක්‍යතාවය කොතරම්ද යත්, ඉන්දියාව මේ වන විට ශ්‍රී ලංකාවට භාණ්ඩ සපයන රටවල් අතුරින් ප්‍රමුඛ ස්ථානයට පැමිණ ඇතැයි ද ඒ මහතා පැවසීය. විවිධ අංශ ගණනාවක් ඔස්සේ පවත්නා දෙරට අතර වාණිජ සබඳතා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා යටතේ තර කර ගැනීමට හැකිවනු ඇති බවද බදියුදීන් මහතා සඳහන් කළේය. ශ්‍රී ලංකාවේ දැනට පවත්නා ආර්ථික ප්‍රතිපත්ති ඒ අයුරින්ම පවත්වාගෙන යාමට වත්මන් රජයේ අපේක්ෂාව බව සඳහන් කළ අමාත්‍යවරයා, මෛත්‍රී පාලනය තුළ ඒවා තවදුරටත් ශක්තිමක්ව ක්‍රියාත්මක වනු ඇතැයි විශ්වාසය පළ කළේය.
     
    අමාත්‍යවරයාට පිළිතුරු දුන් නියෝජ්‍ය මහකොමසාරිස්වරයා පැවසුවේ, නව දේශපාලන ආරම්භයක් පවතින මෙම අවස්ථාවේ දෙරට අතර පවත්නා වෙළෙඳ සබඳතා ශක්තිමක් කිරීමේ අරමුණින් ඉන්දීය වාණිජ ලේකම්වරයා ප්‍රමුඛ ඉහළ පෙළේ දූත පිරිසක් නුදුරු අනාගතයේ දී මෙරට සංචාරයක නිරත වනු ඇති බවයි.
     
    2013 වසර සැලකීමේදී ඇමරිකානු ඩොලර් බිලියන 3.63 ක වෙළෙඳ අගයක් වාර්තාකිරීමට ඉන්දු ලංකා ද්වීපාර්ශ්වීය වෙළෙඳාම ශක්තිමත්ව පැවතිණි. එම වසරේ ඩො.මි.543 ක භාණ්ඩ ඉන්දියාවට අපනයනය කිරීමට ශ්‍රී ලංකාව සමත්වූ අතර, ඉන් 60% ක ප්‍රමාණයක්, දෙරට අතර පවත්නා නිදහස් වෙළෙඳ ගිවිසුමට අනුගතව සිදුවි තිබිණි. තවද, ඉන්දු ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක වූ වර්ෂ 2000 සිට, 2013 වසර දක්වා වූ කාලය තුළ ශ්‍රී ලංකාව ඉන්දියාව ඉලක්ක කර සිදුකළ අපනයන මෙහෙයුම් අට (08) ගුණයකින් වර්ධනය වීම සතුටුදායක තත්ත්වයකි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya