නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අරලියගහ මැදුරේ පැවැති ධර්ම දේශනා මාලාවේ ස්ථානීය වෙනසක්

    ජනවාරි 28, 2015
    සෑම මසකම අරලියගහ මන්දිරිය කේන්ද්‍රකරගනිමින් පවත්වනු ලැබූ ධර්ම දේශනාව එළැඹෙන නවම් පොහෝ දින සිට දිවයිනේ ප්‍රසිද්ධ සිද්ධස්ථාන මුල්කරගෙන පැවැත්වීමට තීරණය කොට ඇතැයි බුද්ධ ශාසන අමාත්‍යංශය සඳහන් කරයි.
     
    එහි පළමු ධර්ම දේශනාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පෙබරවාරි 03ට යෙදෙන නවම් පුන් පොහෝ දින ඓතිහාසික සෝමාවතී පුදබිමේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කොට ඇත. ධර්ම දේශනාව පෙරවරු 9.00 සිට 10.00දක්වා පැවැත්වේ.
     
    ධර්ම දේශනා මාලාවේ මූලික කටයුතු ජනාධිපති ලේකම් කාර්යාලය හා බුද්ධශාසන අමාත්‍යංශය මගින් සංවිධානය කරනු ලබයි.
     
    මෙම වැඩසටහන පෙර පරිදිම ජාතික රූපවාහිනි නාලිකාව ඔස්සේ සජීවි ව විකාශය කිරීමට ද කටයුතු යොදා ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya