නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යාපනයේ ජලය දූෂණය වීම සම්බන්ධයෙන් නොදර්න් පවර් සමාගමේ සම්බන්ධයක් නැහැ

    ජනවාරි 23, 2015

    දැනට පවත්නා සියලුම විද්‍යාත්මක සාක්ෂිවලට අනුව වර්තමානයේ යාපනයේ ඇති වී තිබෙන භූගත ජලය දූෂණය වීමේ ගැටලුවට ශී‍්‍ර ලංකාවේ උතුරට විදුලි බලය සපයන නොදර්න් පවර් පෞද්ගලික සමාගම කිසිඳු ආකාරයකින් සම්බන්ධයක් නැති බව එහි මව් සමාගම වන එම්.ටී.ඩී වෝකර්ස් පී.එල්.සී සමාගම පැවසීය.


    මෙම සමාගම මේ බව ප්‍රකාශ කළේ යාපනයේ ජලය දූෂණය වීම සම්බන්ධයෙන් අද (11) කොළඹ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේ දී පැවති මාධ්‍ය සාකච්ඡාවේ දීය.


    කීර්තිමත් සරසවි දෙකක් වන යාපනය සහ පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර යාපනයේ ජල දූෂණය පිළිබඳ ස්වාධීන පරික්ෂණයක් සිදු කිරිමට පියවර ගැනීම ගැන රජයට ප්‍රශංසා කරන බව සමාගම ප්‍රකාශ කළේය.

     

    තවදුරටත් එම සමාගම මාධ්‍ය හමුවේ පවසා සිටියේ විවිධ යටි අරමුණු ඇති පාර්ශවයන් විසින් එවැනි අසත්‍ය චෝදනා ඉදිරිපත් කර ඇති බවත් ය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya