වත්මන් රජයේ දින සියයේ වැඩපිළිවෙළ තුළ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයට අදාළ සේවාවන් ක‍්‍රමවත්ව සිදු කිරීම සම්බන්ධව අමාත්‍යාංශයේ නිලධාරී මණ්ඩලය දැනුවත් කිරීම සඳහා අමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (21) එම අමාත්‍යාංශයේ පැවති විශේෂ සාකච්ඡාවේදී මේ බව පැවසීය.
දැනට 60%ක ප‍්‍රමාණයට පළවන සිගරැට් පැකට්ටුවේ අන්තර්ගත රූපමය අවවාදය 80%ක ප‍්‍රමාණයට පළ කිරීම සඳහා ද සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සංශෝධනය කළ යුතු කරුණු පිළිබඳව ද මෙහිදී අමාත්‍යවරයාගේ අවධානය යොමු විය.
"මහරගම පිළිකා රෝහල" යන නිල නාමය වෙනස් කිරීම පිළිබඳව ද අවධානය යොමු කළ අමාත්‍යවරයා පිළිකා රෝහල යන්නෙන් අර්ථකතනය වන්නේ පිළිකා ඇති කරන, සුව කිරීමට අපහසු රෝගීන් රැස් කරන ස්ථානයක් ලෙස බවත්, මෙම ආකල්පය වෙනස් කොට රෝගී සහ ජනතා මනස සුවපත් කරනු පිණිස තමන් ඇතුළු වන්නේ රෝගය සුවපත් කරගත හැකි ස්ථානයකට යන හැඟීම දනවන වදනක් යෙදීම ඉතාම යෝග්‍ය බවත් ඔහු පෙන්වා දුන්නේය. එම නිසා පිළිකා රෝහලට සුදුසු නාමයක් ඉදිරියේ දී යෙදීමට අවශ්‍ය කටයුතු සුදානම් කිරීම පිළිබඳව ප‍්‍රධාන වශයෙන් මෙහිදී සාකච්ඡාවට භාජනය විය.
මේ වනවිට වකුගඩු රෝගයට මුහුණ දී ඇති රෝගීන්ගේ රුධිර කාන්දුපෙරණ කටයුතු විධිමත් කිරීම සඳහා වකුගඩු රෝගය ව්‍යාප්තව ඇති ප‍්‍රදේශවල පිහිටා ඇති රෝහල් සඳහා රුධිර කාන්දු පෙරණ යන්ත‍්‍ර සහ ඒ සඳහා විශේෂඥ වෛද්‍යවරුන් ප‍්‍රමුඛ සෞඛ්‍ය කාර්යමණ්ඩල කඩිනමින් ලබාදීමටත් පියවර ගැනේ.
අනුරාධපුර ශික්ෂණ රෝහල තුළ අංග සම්පූර්ණ රුධිර කාන්දු පෙරණ ඒකකයක් ස්ථාපිත කිරීමටත් අවශ්‍ය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා විෂයභාර නිලධාරීන්ට මෙහිදී උපදෙස් දුන්නේය. සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ සියලු ම කාර්යමණ්ඩලවල පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය සේවක පිරිස් බඳවා ගැනීමට කටයුතු කිරීම, ඩෙංගු මදුරු මර්දන වැඩකටයුතු වඩාත් ශක්තිමත් කිරීම සඳහා කඩිනමින් අවශ්‍ය පියවර ගැනීම, වෛද්‍ය සැපයීම් අංශයේ පරිගනක දත්ත ජාලය ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු කිරීම, දැනට සංවර්ධන කටයුතු සිදුවන සියලු සෞඛ්‍ය ආයතනවල සෞඛ්‍ය සංවර්ධන ව්‍යාපෘතිවල ඉදිකිරීම් කටයුතු කඩිනම් කර පෙබරවාරි මාසය නිමවීමට පෙර අවසන් කර ජනතා අයිතියට පැවරීමට අවශ්‍ය කටයුතු සලසන ලෙසත්, රෝහල්වලට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීමේ දී සිදු වී ඇති අක‍්‍රමිකතා ඉවත් කිරීම සඳහා ක‍්‍රමවත් වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කිරීම පිළිබඳවත් මෙම විශේෂ සාකච්ඡාවේ දී ප‍්‍රධාන වශයෙන් අවධානය යොමු කළ බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ඩී.එම්.ආර්.බී. දිසානායක, අතිරේක ලේකම් (පාලන) සෝමරත්න විදානපතිරණ, අතිරේක ලේකම් (සංවර්ධන) කේ.ඒ.එස්. කීරගල, අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහත්වරු ඇතුළු අමාත්‍යාංශයේ සියලු ම නිලධාරීහු සහභාගී වූහ.
NDH