නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාප් වහන්සේගේ දේව මෙහෙය දින බැතිමතුන්ට ගමන් පහසුව

    ජනවාරි 11, 2015

    ශුද්ධෝත්තම පාප් වහන්සේ ලබන 14 වැනි දින කොළඹ ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට නියමිත විශේෂ දේව මෙහෙයට සහභාගී වන බැතිමතුන්ගේ ගමන් පහසුව වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.


    ඒ අනුව ධාවනය වන දුම්රිය කාලසටහන මෙසේයි.

    ලබන 13  වෙනි දින බණ්ඩාරවෙලින් ප.ව. 18.55ට ආරම්භ වන දුම්රිය කොම්පඤ්ඤ වීදියට ළඟා වන්නේ අලුයම 03.28යි.

    එදින යාපනය දුම්රිය ස්ථානයෙන් රාත්‍රි 20.00ට ආරම්භ වන දුම්රිය කොම්පඤ්ඤ වීදිය දුම්රිය ස්ථානයට ළඟා වන්නේ අලුයම 04.53යි.

    ලබන 14 වෙනි දින දුම්රිය ධාවනය සිදු වන්නේ, මහනුවරින් මධ්‍යම රාත්‍රී 12.00ට ඇරඹෙන දුම්රිය කොම්පඤ්ඤ වීදිය වෙත අලුයම 03.08 ළඟා වේ.

    මහනුවර අලුයම 01.00ට පිටත් වන දුම්රිය කොම්පඤ්ඤ වීදිය වෙත අලුයම 04.16ට,     පුත්තලම අලුයම 01.00ට පිටත් වන දුම්රිය කොම්පඤ්ඤ වීදිය වෙත අලුයම 04.48ට,    පුත්තලම අලුයම 01.00ට කොම්පඤ්ඤ වීදියට අලුයම 04.48ට හා අලුයම  1.30ට හලාවතින් පිටත් වන දුම්රිය අලුයම 04.33ට කොම්පඤ්ඤ වීදියට ළඟා වනු ඇත.

    කුරුණෑගල අලුයම 03.50ට පිටත් වන දුම්රිය කොම්පඤ්ඤ වීදිය වෙත අලුයම 06.03ට,   අවිස්සාවේල්ල අලුයම 02.00ට පිටත් වන දුම්රිය කොම්පඤ්ඤ වීදියට අලුයම 04.08ට,     ගාල්ල අලුයම 02.00ට පිටත් වන දුම්රිය කොම්පඤ්ඤ වීදිය වෙත අලුයම 04.20ට,     මාතරි අලුයම 01.15ට පිටත් වන දුම්රිය කොම්පඤ්ඤ වීදිය වෙත අලුයම 04.35ට හා     අලුත්ගම දුම්රිය ස්ථානයෙන් අලුයම 02.30ට පිටත් වන දුම්රිය කොම්පඤ්ඤ වීදිය දුම්රිය ස්ථානය වෙත අලුයම 04.05ට ළඟා වීමට නියමිතය.   

    14 වෙනි දින නැවත කොළඹ -කොටුවෙන් ප.ව. 14.00ට පිටත් වන දුම්රිය බණ්ඩාරවෙලට රාත්‍රි 22.45ටත්, කොළඹ -කොටුව ප.ව. 14.05ට පිටත් වන දුම්රිය පුත්තලමට ප.ව.18.00ටත්, කොළඹ -කොටුව ප.ව. 14.15ට පිටත් වන දුම්රිය මහනුවරට ප.ව.17.40ටත් ළඟා වනු ඇත.

    මෙදින ම මරදාන දුම්රිය ස්ථානයෙන් ප.ව. 14.25ට ආරම්භ වන දුම්රිය මාතර දුම්රිය ස්ථානය වෙත ළඟා වන්නේ ප.ව. 18.10යි. කොළඹ -කොටුව ප.ව. 14.30ට ආරම්භ වන දුම්රිය යාපනයට රාත්‍රි 23.32ට, කොළඹ -කොටුවෙන් ප.ව. 14.40ට පිටත් වන දුම්රිය හලාවතට රාත්‍රි 17.43ට, කොළඹ -කොටුව ප.ව. 14.45ට පිටත් වන දුම්රිය මහනුවරට ප.ව. 17.56ට, කොළඹ -කොටුව ප.ව. 14.45ට පිටත් වන දුම්රිය අවිස්සාවේල්ල වෙත ප.ව. 16.47ට, මරදාන ප.ව. 14.45ට ආරම්භ වන දුම්රිය ගාල්ලට ප.ව. 17.25ට, කොළඹ -කොටුවෙන් ප.ව. 15.00ට පිටත් වන දුම්රිය කුරුණෑගල දුම්රිය ස්ථානය වෙත රාත්‍රි 17.07ට හා මරදානෙන් ප.ව. 15.55ට පිටත් වන දුම්රිය අලුත්ගමට රාත්‍රි 17.46 ළඟා වීමට නියමිතයි.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya