ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ 2011 වර්ෂයේ පිරිවැටුම රුපියල් මිලියන 5,473කි. එම පිරිවැටුම 2014 වර්ෂයේ දී රුපියල් මිලියන 10,000 දක්වා වර්ධනය කිරීම තුළ රාජ්‍ය ඉදිකිරීම් ආයතනයක් ලෙස ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව අත්පත් කරගෙන ඇති ප්‍රගතිය කැපී පෙනේ.
ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරංවශ මහතාගේ පූර්ණ අධීක්ෂණය හා මගපෙන්වීම යටතේ ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට මෙසේ සිය වාර්ෂික ඉලක්ක සපුරා ගැනීමට සමත් ව සිටී.
ඒ අනුව රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ ඉදිකිරීම් අංශයේ මූල්‍ය ප්‍රගතිය රුපියල් මිලියන 2,932ක් දක්වා ද, උපදේශන සේවා අංශයේ මූල්‍ය ප්‍රගතිය රුපියල් මිලියන 217ක් දක්වා ද, ඉදිකිරීම් උපාංග අංශයේ මූල්‍ය ප්‍රගතිය රුපියල් මිලියන 1,131ක් දක්වා ද, යාන්ත්‍රික හා විදුලි අංශයේ මූල්‍ය ප්‍රගතිය රුපියල් මිලියන 612ක් දක්වා ද, යන්ත්‍රෝපකරණ අංශයේ ප්‍රගතිය රුපියල් මිලියන 700ක් දක්වා ද, විශේෂ මෙහෙයුම් අංශයේ මූල්‍ය ප්‍රගතිය රුපියල් මිලියන 6,093ක් දක්වා ද වර්ධනය කර ගැනීමට එම සංස්ථාවට හැකි වී තිබේ.
ජන සෙවණ ජාතික නිවාස හා ජනාවාස සංවර්ධන මෙහෙයුමට සමගාමීව ක්‍රියාත්මක “ජන සෙවණ නගමු පුරවර”වැඩසටහනට විශේෂ දායකත්වයක් දක්වා ඇති රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ඒ යටතේ කොළඹ නගරයේ පැරණි මහල් නිවාස සංකීර්ණ 43ක ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කර තිබේ. ගුණසිංහපුර, ආරාම පෙදෙස, ආමර් වීදිය, අබ්දුල් හමීඩ්, මිහිඳු මාවත, සාමපුර, සිරිධම්ම මාවත යන නිවාස ව්‍යාපෘති ඒ අතුරින් ප්‍රධාන වේ. තවද අඟුලාන “සයුරු පුර ” නිවාස ව්‍යාපෘතිය ඉදිකිරීම හා යාපනය ගුරු නගර් නිවාස ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කිරීම ද මීට අයත් වේ.
පොදු පහසුකම් සංවර්ධනය කිරීම යටතේ 2014 වර්ෂය තුළ මාතෘ සායන 13ක් පමණ ඉදිකර ජනතා අයිතියට පත් කර තිබේ.
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වර්ධනය උදෙසා එම සංස්ථාව විසින් මිනුවන්ගොඩ රුධිර බැංකු මධ්‍යස්ථානය ඉදිකිරීම, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සඳහා සායන මධ්‍යස්ථානවල ඉදිකිරීම් කටයුතු කිරීම, මොල්ලිගොඩ ආයුර්වේද මධ්‍යස්ථානයේ සිදුකිරීම සඳහා දායක වී තිබේ.
අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය උදෙසා වයඹ විශ්වවිද්‍යාලයේ නව ශ්‍රවණාගාරය ඉදිකිරීම, අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරය හා අධ්‍යාපන පීඨ ගොඩනැගිලි ඉදිකිරීම, කළුතර තිස්ස විද්‍යාලයේ තෙමහල් ගොඩනැගිල්ල ඉදිකිරීමට දායක වී තිබේ.
පින්නවල ඉදිවන ජාතික සත්වෝද්‍යාන භූමියේ අභ්‍යන්තර මාර්ග පද්ධතිය, ප්‍රධාන සේවා මධ්‍යස්ථාන ගොඩනැගිල්ල, ජල ටැංකිය ඉදිකිරීම ආදී සංවර්ධන කාර්යයන් රැසකට දායක වී ඇත.
DB