නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වයස අවුරුදු 55ට වැඩි පුද්ගලයන්ගේ තැන්පතු සඳහා බලපත්‍රලාභී මුදල් සමාගම්වලින් ගෙවිය හැකි උපරිම පොලී අනුපාත

    ජනවාරි 02, 2015
    2015 ජනවාරි 01 දින සිට බලපැවැත්වෙන පරිදි වයස අවුරුදු 55ට වැඩි පුද්ගලගයකු විසින් බලපත්‍රලාභී මුදල් සමාගම්වල කරනු ලබන හෝ පවත්වා ගෙන යනු ලබන ඉතුරුම් තැන්පතු සහ බාර ගනු ලබන හෝ කල්පිරීමෙන් පසු නැවත ආයෝජනය කරනු ලබන කාලීන තැන්පතු සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියම කර ඇති උපරිම පොලී අනුපාතයන්ට වඩා ප්‍රතිශත අංක දෙකක අතිරේක පොලියක් ගෙවිය හැකි බව මහජනයා වෙත දැනුම් දෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. 

    ඒ අනුව වයස අවුරුදු 55ට වැඩි පුද්ගලයන් සඳහා බලපත්‍රලාභී මුදල් සමාගම් විසින් ගෙවිය හැකි උපරිම තැන්පතු පොලී අනුපාත වන්නේ, බාර ගනු ලබන හෝ පවත්වා ගෙන යනු ලබන ඉතිරිකිරීමේ තැන්පතු සඳහා ගෙවිය හැකි උපරිම වාර්ෂික පොලී අනුපාතය 9.58‍%කි. 

    එසේම බාර ගනු ලබන හෝ කල් පිරීමෙන් පසු නැවත ආයෝජනය කරනු ලබන කාලීන තැන්පතු සඳහා ගෙවිය හැකි උපරිම වාර්ෂික පොලී අනුපාත ලෙස, කල්පිරීමේ කාලය වසරක් හෝ ඊට අඩු තැන්පතු සඳහා වාර්ෂිකව 13.01‍%ක්, කල්පිරීමේ කාලය වසරකට වැඩි සහ වසර 3ක් දක්වා තැන්පතු සඳහා වාර්ෂිකව 14.01%ක පොලීයක් හා කල්පිරීමේ කාලය වසර 3ට වැඩි තැන්පතු සඳහා වාර්ෂිකව 15.51%ක් ලෙස ශ්‍රී මහ බැංකුව දැනුම් දී ඇත.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya