අයහපත් කාලගුණයෙන් විපතට පත් ප්‍රදේශවල ජනතාවට කඩිනම් සහන සැලසීම සඳහා වයඹ නාවික බලඇණිය මඟින් ක්ෂේත්‍ර වෛද්‍ය සායන 2ක් මන්නාරම් කායක්කුලි රෝමාණු කතෝලික දෙමළ මිශ්‍ර පාසලේ දී සහ පෝක්කුලම් රෝමාණු කතෝලික දේවස්ථානයේ දී ඊයේ (30) පැවැත්විණි. වයඹ පළාත් නාවික ප්‍රදේශ සඳහා අණදෙන නිලධාරී රියර් අද්මිරාල් සරත් මෙහොට්ටි මහතාගේ අධීක්ෂණය යටතේ මෙම වෛද්‍ය සායනය සංවිධානය කර තිබුණි.
කායක්කුලි, කොන්ඩච්චිකුඩා සහ පෝක්කුලම් ඇතුළු මුසලි කොට්ඨාසයේ විපතට පත් විශාල පිරිසක් මෙම වෛද්‍ය සායනයෙන් ප්රතිලාභ ලබා ගත්හ. වයඹ නාවික බලඇණියේ වෛද්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ දායකත්වයෙන් මෙම සායනය පැවැත්විණි.
SDF