2013 වර්ෂයේ ආරම්භ කරන ලද මෙම වැඩසටහන යටතේ අක්කර 9 1/2ක රබර් වගා කර ඇති අතර ඒ සඳහා පාළු පැළ ද මේ වසරේ නිකුත් කර ඇත.
මෙම වැඩසටහන යටතේ 2014 වර්ෂයේ රබර් වගාව සඳහා අයදුම්පත් 76ක් ලැබී ඇති අතර එයින් ඉඩම් 59ක පස පරීක්ෂා කිරීම රබර් පර්යේෂණායතනයෙන් සිදු කර ඇති අතර එයින් ඉඩම් 26ක් රබර් වගාවට සුදුසු බැවින් ඒ සඳහා රබර් පැළ නිකුත් කර ඇති බවත් එච්.ඒ. තිලකරත්න මහතා වැඩිදුටත් පැවසීය.
රබර් වගාවෙන් වැඩි ම ආදායමක් මොනරාගල දිස්ත්‍රික්කයෙන් ලැබෙන අතර වියළි කලාපයට මෙම වගාවෙන් හොඳ ආදායමක් ලබා ගත හැකි බවත් පරිසර හිතකාමී වනාන්තරයක් ලෙස ස්ථිර ව පවත්වාගෙන යා හැකි ලාභදායි මෙම වගාවෙන් සාමාන්‍යයෙන් අක්කරයකින් රු. 40,000ක පමණ ආදායමක් ලබා ගත හැකි බවත් තිලකරත්න මහතා පැවසීය.
MAP/ak_dmu_kurunegala