අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් 2014 දෙසැම්බර් 04 දින ඉන්දියාවේ නව දිල්ලියේ හැබිටෑට් මධ්‍යස්ථානයේ (Indian Habitat Center) පැවති මන්තන් සම්මාන නිල ත්‍යාග ප්‍රධානෝත්සවයේදී මෙම සම්මානය ලබා ගන්නා ලදී. කලාපයේ රටවල් 36කින් ඉ-නිර්මාණ 294ක් මූලික ඇගයීමේදී තෝරා ගන්නා ලදී. එහිදී අවසාන වටයට තේරී පත් වූ නිර්මාණ 67ක් අතුරින් ඉ-ඉගෙනුම් හා අධ්‍යාපන කාණ්ඩය යටතේ අවසන් වටයට තේරී පත් වූ e-තක්සලාව ඉගෙනුම් අන්තර්ගත කළමනාකරණ පද්ධතිය හොඳම ඉ-ඉගෙනුම් නිර්මාණය ලෙස ජයග්‍රහණය කරන ලදී.
ඉ-ඉගෙනුම් හා අධ්‍යාපන කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව නියෝජනය කරන ලද නිර්මාණයක් සඳහා ප්‍රථම ස්ථානය දිනා ගනිමින් ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලද ප්‍රථම අවස්ථාව ද මෙය වේ. මෙහිදී අවසන් වටයට තේරී පත් වූ ඉ-ඉගෙනුම් හා අධ්‍යාපන කාණ්ඩය යටතේ වූ නිර්මාණ අතුරින් අධ්‍යාපන අමාත්‍යංශය, ජාතික අධ්‍යාපන ආයතනය හා ආසියානු සංවර්ධන බැංකුව එක්ව ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතියක් වන ඛාන් ඇකඩමි දේශීයකරණ (Khan Academy Localization) වැඩසටහන වෙනුවෙන් නිර්මාණය කරන ලද ගණිත අධ්‍යාපන වීඩියෝ වැඩසටහන් සඳහා විශේෂ සම්මානයක් (Special Mention) පිරිනැමිණි.
ඉ- ස්වාභිමානී ජයග්‍රහණය මෙවර e-තක්සලාවට හිමි වීම දේශීය වශයෙන් ලැබූ සුවිශේෂි ජයග්‍රහණයකි. මෙම ජයග්‍රහණ, වඩාත් සුවිශේෂී ජයග්‍රහණයක් බවට පත් වන්නේ එය සම්පූර්ණයෙන්ම රජයේ පාසල්වල සේවය කරන දේශීය ගුරු භවතුන්ගේ මහත් වූ කැපවීමක අග්‍ර ඵලයක් වන බැවිනි.
මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිතායතනයේ, රාජ්‍යය අංශය ප්‍රතිනිර්මාණය කිරීමේ අංශයේ, අධ්‍යක්ෂ වසන්ත දේශප්‍රිය යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
NDH