නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ ආපදා තත්ත්වය

    දෙසැම්බර් 29, 2014
    මේ දිනවල දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මධ්‍යම කඳුකරයේ බොහෝ තැන් හි හදිසි ආපදා තත්ත්වයන් ප්‍රකාශයට පත් කොට තිබේ. නුවරඑළිය දිස්ත්‍රික්කයේ ද ස්ථාන කිහිපයක් නායයෑමට ලක් වී ඇති අතර අනතුරු ඇඟවීමේ සංඥා නිකුත් කිරීමත් සමඟ බොහෝ පවුල් සංඛ්‍යාවක් කඳවුරුගත කිරීමට දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කොට තිබේ. එමෙන් ම කඳවුරුගත කොට සිටින විපතට පත් ජනතාව වෙත පැය 24 පුරාවට සහන සැලසීමට කටයුතු යොදා ඇති බව ද නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතා ප්‍රකාශ කර සිටියේය.
     
    මේ වන විට නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ  පවුල් 79ක සාමාජිකයන් 367 දෙනෙකු, කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පවුල් 45ක සාමාජිකයන් 231 දෙනෙකු, වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පවුල් 210ක සාමාජිකයන් 681ක්, හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ  පවුල් 199ක සාමාජිකයින් 878ක් සහ අඹගමුව පවුල් 11ක සාමාජිකයින් 48ක් මෙසේ කඳවුරු 45ක රඳවා ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya