නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දුඹුරු කෙඳි අපනයන වෙළෙඳපොළේ ශ්‍රී ලංකාව මුල් තැනට

    දෙසැම්බර් 29, 2014
    ශ්‍රී ලංකාවේ මුළු කෘෂි නිෂ්පාදනයන්ගෙන් ආසන්න වශයෙන් 12%ක් පමණ වන පොල් රටෙහි ප්‍රධාන ම වගාවකි. හෙක්ටයාර 395,000ක පැතිර ඇති පොල් වගාවෙන් ගෙඩි වාර්ෂික ව මිලියන 2,500ක් පමණ නිපද වේ.
     
    දිසිඳි පොල් හා දුඹුරු කෙඳි සඳහා ලෝක වෙළෙඳපොළේ ශ්‍රී ලංකාව ප්‍රකටය. පැහැදිලි සුදු වර්ණය හා විශේෂිත රසය එය ලෝක අපනයනයේ 04 වන ස්ථානයකට ඔසවා තිබේ. දුඹුරු කෙඳි අපනයනයේ අංක එකට සිටින්නේ ශ්‍රී ලංකාවයි.
     
    පිළිවෙළින් නිපැයුම් හා ගුණාත්මක වර්ධනය, සැපයුම් වර්ධනය හා පර්යේෂණ සඳහා වගකිව යුතු රාජ්‍ය ආයතන වන්නේ පොල් සංවර්ධන අධිකාරිය, පොල් වගා කිරීමේ මණ්ඩලය හා පොල් පර්යේෂණ ආයතනය වේ.
     
    දිසිඳි පොල් අපනයනයේ ගුණාත්මක බව රැකගැන්ම සඳහා සෑම නැව්ගත කිරීමක් ම පොල් සංවර්ධන අධිකාරිය විසින් සහතික කළ යුතුව ඇත. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya