නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු මැද පළාතේ 42601 දෙනෙකු විපතට - ආරක්ෂිත මධ්‍යස්ථානවල 10954ක්

    දෙසැම්බර් 28, 2014

    අද (28) මධ්‍යහන 12.00 වනවිට පවතින අයහපත් කාලගුණය නිසා ඇති වූ ගංවතුර නිසා උතුරු මැද පළාතේ පවුල් 12057ක පුද්ගලයින් 42601 දෙනෙකු ආපදාවට ලක් ව ඇත. ආරක්ෂිත මධ්‍යස්ථාන 66ක රඳවා ඇති පවුල් ගණන 3406ක් වන අතර එහි පුද්ගලයින් 10954 දෙනෙකු සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

    උතුරු මැද පළාතෙන් කිසිදු මරණයක් වාර්තා නොවන අතර එක් අයෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ. නිවාස 114ක් සම්පූර්ණයෙන් හානි වී ඇති අතර 722කට අර්ධ හානි සිදුව තිබේ.

     

    උතුරු මැද පළාතේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ගංවතුර ආපදා නිසා තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 1524ක 4435 දෙනෙක් ද දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 196ක 600 දෙනෙක් ද වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 273ක 959 දෙනෙක් ද ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 2157ක 9642 දෙනෙක් ද මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 891ක 3103 දෙනෙක් ද හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 710ක 2649 දෙනෙක් ද ඇළහැර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 82ක 329 දෙනෙක් ද ඇතුළුව පවුල් 5833ක 21717 දෙනෙක් අවතැන් ව සිටිති.

     

    උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගංවතුර ආපදා නිසා තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 277ක 866 දෙනෙක් ද රඹෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 172ක 648 දෙනෙක් ද නැඟෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 1793ක 6032 දෙනෙක් ද නාච්චදූව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 640ක 2268 දෙනෙක් ද හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 151ක 495 දෙනෙක් ද තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 142ක 361 දෙනෙක් ද තලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 394ක 1279 දෙනෙක් ද ගලෙන්බිඳුණු වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 465ක 1559 දෙනෙක් ද රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 215ක 585 දෙනෙක් ද පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 68ක 125 දෙනෙක් ද පලුගස් වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 184ක 590 දෙනෙක් ද නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 555ක 1831 දෙනෙක් ද මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 39ක 130 දෙනෙක් ද කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 409ක 1566 දෙනෙක් ද කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 363ක 1291 දෙනෙක් ද මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 7ක 26 දෙනෙක් ද මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 73ක 187 දෙනෙක් ද මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 277ක 1045 දෙනෙක් ද ඇතුළුව පවුල් 6224ක 20884 දෙනෙක් අවතැන් ව සිටිති.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya