නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උත්සව සමයේ කෙළවල්ලා කිලෝවක් රුපියල් 500ක මිලකට පාරිභෝගික ජනතාවට

    දෙසැම්බර් 24, 2014
    ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ජනාධිපති මහින්ද රාජපක‍්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි එළැඹෙන උත්සව සමයේ කෙළවල්ලා කිලෝ ග්‍රෑම් 01ක් රුපියල් 500.00ක මිලකට පාරිභෝගික ජනතාව වෙත ලබාදීමට ධීවර සංස්ථාව කටයුතු කරමින් සිටින බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා පවසයි.
     
    මේ සම්බන්ධයෙන් ධීවර අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ ධීවර සංස්ථාවේ සියලු ම අලෙවිසැල් හා ජංගම ලොරි රථවලින් බෙදාහරින කෙළවල්ලා කිලෝ ග්‍රෑම් 01ක් ඊයේ (23) සිට රුපියල් 500.00ක මිලක් යටතේ පාරිභෝගිකයන්ට මිලදී ගැනීමට හැකි වන බවයි. නව වැඩපිළිවෙළක් ලෙස ලංකා ධීවර සංස්ථාව පසුගියදා ආරම්භ කළ සහතික කළ අවම මිල ගණනකට මසුන් මිලදී ගැනීම නිසා ධීවර කාර්මිකයාට හොඳ මිලක් හා පාරිභෝගිකයාට සාධාරණ මිලක් යටතේ මසුන් ලබාදීමට හැකි වී ඇත .
     
    විශේෂයෙන් ම නියෝජ්‍ය අමාත්‍යවරයාගේ අධීක‍්ෂණය යටතේ මෙම කටයුත්ත රටපුරාම මේ වන විට ක්‍රියාත්මක වන බවත් ඉදිරියේදී පාරිභෝගික ජනතාවට සහනදායී ලෙස මාළු මිලදී ගැනීමට හැකියාව උදාවෙන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya