ඉන් 61 දෙනෙකු ගුරු වෘත්තියෙහි ද 255 දෙනෙකු රාජ්‍ය අංශයේ අනෙකුත් රැකියාවල ද, 666 දෙනෙකු සිවිල් ආරක්ෂක බලකායේ සේවයේ ද, විදේශ රැකියා සඳහා පුද්ගලයන් 205ක් ද පිටත්ව ගොස් ඇති අතර වැඩිදුර අධ්‍යාපනය සඳහා 77 දෙනෙකු යොමු වී ඇත.
පුනරුත්ථාපනය වූ සාමාජිකයන් අතුරින් ගොවීන්, රියදුරන්, ව්‍යාපාරිකයන්, විදුලි කාර්මික, මෝටර් කාර්මික ශිල්පීන්, ධීවරයන්, මේසන්, වඩු ඇතුළු ක්ෂේත‍්‍ර ගණනාවක රැකියාවල යෙදී සිටිති. තවත් පිරිසක් බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍ර තුළ පෞද්ගලික ආරක්ෂක සමාගම් හි සේවය කරමින් සිටිති. ගෘහණියන් ලෙස කටයුතු කිරීමට තීරණය කළ සංඛ්‍යාව 1,000කට ආසන්නයි.
NDH/priu