ඒ අනුව අද පෙ.ව. 7.30ට රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල, මීපාගම ජයන්ති මහා විද්‍යාලය, පෙ.ව 9.30ට බලංගොඩ, ඇම්බෑවිල වජිරවංශ මහා විද්‍යාලය, පෙ.ව 11.00ට වැලිගෙපොළ වලගම්බා මහා විද්‍යාලය, ප.ව. 1.30ට ආනන්ද මෛත්‍රීය මහා විද්‍යාලය හා ප.ව 3.00ට ඇඹිලිපිටිය, කොළඹගේ ආර මහා විද්‍යාලවල මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර සිසු අයිතියට පත්කරනු ඇත.
පරිගණක 40කින් සමන්විත පරිගණකාගාරයක්, පරිගනක 20කින් සමන්විත භාෂාගාරයක්, දුරස්ථ අධ්‍යාපනය සඳහා නැණස ඒකකයක්, විද්‍යාගාරයක්, ගණිතාගාරයක් යන අංගයන්ගෙන් සමන්විත ව මෙම තාක්ෂණික විද්‍යාගාර විවෘත වේ. එක් මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරයක් සඳහා රුපියල් ලක්ෂ 200ක් වැය කර තිබේ.
NDH/kpm