ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ ඒකකය පවසන පරිදි අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් 300ක ජල මට්ටම් ඉහළ ගොස් ඇති අතර අඛණ්ඩව පවත්නා අධික වර්ෂාව නිසා වාන් දොරටු විවෘත කිරීමට පියවර ගෙන ඇත.
මේ වනවිට අනුරාධපුර, පොලොන්නරුව, පුත්තලම, මන්නාරම සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල ජනතාව අයහපත් කාලගුණය හා ගංවතුරින් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි. පහත් බිම් ප්‍රදේශ ජලයෙන් යට වී ඇත. මල්වතු ඔය පිටාර ගැලීම හේතුවෙන් අනුරාධපුර සහ සෝමාවතිය වැනි පූජා භූමි ප්‍රදේශ ද ජලයෙන් යට වී ඇත.
අයහපත් කාලගුණය නිසා අවතැන්ව සිටින ජනතාව සඳහා කඩිනම් සහන සැලසීමට රජය විසින් අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.
SDF