අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ රත්නපුර දිස්ති‍්‍රක්කයේ කලවාන නගරයේ පැවැති ජනාධිපතිවරණ ප‍්‍රචාරක රැස්වීමකට සහභාගී වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වාසුදේව නානායක්කාර මහතා, එක්සත් ජාතික පක්ෂය හඳුන්වා දුන් විවෘත ආර්ථික ක‍්‍රමයත් සමඟින් අපේ රටේ ස්වදේශීය භාවය, දේශීය කර්මාන්ත, දේශීය නිෂ්පාදනයන්ට ලැබුණේ අඳුරු දසාවක්. ඒ තුළ සිදුවුණේ රාජ්‍ය අංශය රටේ වෙළෙඳපොළ මැදිහත්වීමෙන් ඈත් වීමයි.
ඒ තුළ පාරිභෝගිකයාට මෙන්ම ස්වදේශීය නිෂ්පාදනයන්ටත් සිදු වුණේ බරපතළ හානියක්. නමුත් මේ රජය බලයට පත්වීමෙන් පසු රාජ්‍ය මැදිහත්වීම මත ආර්ථිකයේ බොහෝ අංශයන් කි‍්‍රයාත්මකවීම තුළින් පාරිභෝගිකයාට සුවිශාල වාසියක් හිමි වන අතර රාජ්‍ය අංශ ශක්තිමත්වීමක් ද වර්තමාන වැඩපිළිවෙළට ඇතුළත් වුණා. මෙය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ මහින්ද චින්තන වැඩපිළිවෙළ කි‍්‍රයාවට නැංවීමකි. මේ ජනතාවාදී ආර්ථික ක‍්‍රමයක ජනතාවාදී වැඩපිළිවෙළක් වන බැවින් එය වඩාත් සකී‍්‍රය ආකාරයෙන් කි‍්‍රයාත්මක කිරීමට අපේ මැදිහත්වීමත් නිරන්තරයෙන් ලබා දෙනවා. ඒ තුළ රාජ්‍ය දේපළ පැහැර ගැනීමට මින් ඉදිරියට කිසිසේත් ඉඩ නොතිබීමට අපි කටයුතු කරන අතර එසේ කුණු කොල්ලයට විකිණීමට උත්සාහ ගන්නා අයට විරුද්ධව නීතිය දැඩි සේ කි‍්‍රයාත්මක කරන බව ද පෙන්වා දුන්නේය.
මේ යටතේ විදේශිකයන්ට ඉඩම් මිලදී ගැනීම තහනම් කිරීම ද පැසසිය යුතු කරුණක් බව පෙන්වා දුන් අමාත්‍යතුමා දේශීය අමුද්‍රව්‍ය, දේශීය ශ‍්‍රම බලකාය මේ සියල්ල තුළින් විදේශීය ආයෝජකයන් මෙරටට ගෙන්වා ගැනීමට පැහැදිලි සාර්ථක වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කරන ලද රජයක් මින් පෙර නොතිබූ බව ද කියා සිටියේය.
අද රටේ ආර්ථිකය, ස්වයංපෝෂිත භාවය පිළිබඳ කටමැත දොඩවන විශ‍්‍රාම ගිය දේශපාලන නායිකාවෝ මේ රටේ කෝටි ගණන් වටිනා ධන උල්පත් බඳු වූ රාජ්‍ය දේපළ විකුණා දමා රටේ සමස්ත ආර්ථික පද්ධතිය ම දුර්වල කරන්නට කටයුතු කිරීම මේ හැම දෙනාටම හොඳට මතක හොඳින් අත්විඳපු තත්ත්වයක් වූ බව ද ඔහු පැහැදිලි කළේය.
කලවාන ප‍්‍රදේශයේ දේශපාලන නියෝජිතයෝ රැසක් ද මේ අවස්ථාවට සහභාගී වූහ.
NDH/priu