නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නුවරඑළිය වතු ප්‍රජාව වෙත නව හැඳුනුම්පත් දීමේ වැඩසටහන සාර්ථකයි

    දෙසැම්බර් 15, 2014

    වතු ප්‍රජාව වෙත ජාතික හැදුනුම්පත් සහ තාවකාලික මැතිවරණ හැඳුනුම්පත් ලබා දීමේ ජංගම වැඩසටහනක් මේ දිනවල නුවරඑළිය දිස්ත්‍රික්කයේදී පැවැත්වේ.

    එළඹෙන ජනාධිපතිවරණය සදහා ඡන්දය භාවිත කිරීමට සහ ස්වකීය අනන්‍යතාව තහවුරු කිරීම සදහා ජාතික හැඳුනුම්පත නොමැති ඡන්ද දායකයින් වෙත මැතිවරණ හැඳුනුම්පත් ලබා දීමේ මෙම ජංගම වැඩසටහන සඳහා බොහෝ පිරිස් සහභාගී වී සිටිති.

     

    මේ සඳහා මූල්‍ය දායකත්වය පැෆරල් සංවිධානය විසින් දරනු ලබන අතර නුවරඑළිය මැතිවරණ කටයුතු දෙපාර්තමේන්තුව විසින් මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබ තිබේ.

     

    දෙසැම්බර් මස 11, 12, 13, 14, 15 සහ 16 යන දිනයන්හි දී ස්ථාන දොළහක් කේන්ද්‍ර කොට ගෙන මෙම ජංගම හැඳුනුම්පත් ලබා දීමේ කඳවුරු පැවැත් වේ. ඒ අනුව අද (15) හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සහ හේවාහැට පුස්තකාලයේ දීත් හෙට (16) දින කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ මල්දෙනිය කෘෂි සේවා මධ්‍යස්ථානයේ දීත් මෙම ජංගම වැඩසටහන පැවැත් වේ.

    MAP/SH_dmu_nuwaraeliya

     ID Neliya 01

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya