මෙහි පළමු දිනයේ දී අලවෙඩ්ඩි අරුණෝද්‍යා විද්‍යාලය, වාසවිලාන් මධ්‍ය මහා විද්‍යාලය හා කුට්ටියපුලම් විද්‍යාලය නියෝජනය කරමින් ශිෂ්‍ය නායක නායිකාවන් 75 දෙනෙකු සහභාගී වූ අතර දෙවන දිනයේදී තෙලිප්පලෙයි යූනියන් විද්‍යාලය, තෙලිප්පලෙයි මහජන විද්‍යාලය, මල්ලාකම් මධ්‍ය මහා විද්‍යාලය හා අලවෙඩ්ඩි අරුණාචලම් විද්‍යාලය නියෝජනය කරමින් 45 දෙනෙක් වැඩමුළුවට සහභාගී වූහ.
මෙහිදී ආගමික නායකයන් හා ජ්‍යේෂ්ඨ යුධ හමුදා නිලධාරීන් විසින් සමාජ සුසිරිත්, හැසිරීම් රටා, නායකත්ව හා මහජන සම්බන්ධතා ඇතුළු වැදගත් මාතෘකා රැසක් යටතේ දේශන පවත්වන ලදී.
එම විද්‍යාලවල විදුහල්පතිවරු හා ගුරුවරු කිහිප දෙනෙක් ද මෙම අවස්ථාවට එක්වූහ.
NDH