ශ්‍රී ලංකා නිදහස් මාධ්‍ය සංසදයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මේ වැඩමුළුව වයඹ පළාත් ආණ්ඩුකාර නීතිඥ තිස්ස ආර්. බලල්ල සහ වයඹ ප්‍රධාන අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
මෙහි ප්‍රධාන දේශනය "වත්මන් අවධියේ රට මුහුණදෙන අභියෝග හා ජනමාධ්‍ය" මැයෙන් ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක මොහාන් සමරනායක මහතා විසින් සිදු කරනු ලබයි. "ජනාධිපති මැතිවරණයේ නීතිමය පසුබිම" මැයෙන් තවත් දේශනයක් හිටපු මහාධිකරණ විනිසුරු සී.වී. රාජපක්ෂ මහතා සිදු කරනු ඇත.