මෙම දුම්රිය මාර්ගය 2016 වසරේ දී ජනතා අයිතියට පත් කිරීමට සැලසුම් කොට ඇත.
අදියර තුනකින් නිමකිරීමට සැලසුම් කර ඇති මාතර - කතරගම දුම්රිය මාර්ගය ඉදිකිරීම් ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ මාතර සිට බෙලිඅත්ත දක්වා වූ කොටසේ ඉදිකිරීම් කටයුතු සිදු කෙරේ.
නාකුට්ටිය උමං මාර්ගය ශ්‍රී ලංකාවේ ලොකුම උමං මාර්ගය වන අතර එය දිගින් මීටර් 606ක් පමණ වේ. දකුණු දුම්රිය මාර්ගයේ විශාලතම දුම්රිය ස්ථානය බෙලිඅත්ත දුම්රිය ස්ථානය වන අතර එහි ඉදිකිරීම් කටයුතු චීන රජයේ ආධාර යටතේ සිදු කෙරේ.
මෙම ව්‍යාපෘතිය හරහා සිය ඉඩම් අහිමිවන වන පවුල් 1225ක් වෙනුවෙන් රුපියල් මිලියන 978ක් වන්දි වශයෙන් ගෙවා ඇත.
දුම්රිය ස්ථානයන් කැකනදුර, බඹරැන්ද සහ වැව්රුකන්නල ප්‍රදේශවල ද පිලදුව සහ වෙහෙරහේන ප්‍රදේශයේ උප දුම්රිය ස්ථානයන් ද පිහිටුවීමට නියමිතය.
DB