50 වන වරට පැවැත්වෙන මෙම සම්මාන ප්රදානය කිරීමේ උත්සවයේදි 2013 හා 2014 වර්ෂයට අදාළව තෝරාගත් හොඳ ම වාර්ෂික වාර්තා ඉදිරිපත් කළ සමාගම් සහ ආයතන 73ක් සඳහා සම්මාන පිරිනැමීම සිදු විය.
මෙවර මෙම සම්මාන ප්රදානය කිරීමේ කාර්යය සඳහා සමාගම් සහ ආයතන 130ක් ඉදිරිපත් වී තිබීමද විශේෂත්වයකි.
වෙළඳ ආයතන සහ සමාගම්වල ගිණුම් වාර්තාවල විනිවිද භාවය ඇති කිරීම සහ කාර්යක්ෂමතාව ඇති කිරීම ඇතුළු කරුණු මුල් කරගනිමින් මෙම සම්මාන උළෙල වාර්ෂික සංවිධානය කෙරේ.
SDF
මෙම සම්මාන උළෙලේ හො ඳම වාර්ෂික වාර්තාව සඳහා වන රන් සම්මානය ජෝන් කීල්ස් සමාගම ද රිදී සම්මානය පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම සහ ලෝකඩ සම්මානය සම්පත් බැංකුව ද හිමිකර ගත් අතර අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ඔවුන්ට හිමි සම්මාන ප්රදානය කිරීම සිදු කරන ලදී.
මෙම අවස්ථාවට මහ බැංකු අධිපති අජිත් නවාඩ් කබ්රාල්, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනයේ සභාපති අර්ජුන හේරත් යන මහත්වරු සහ ශ්‍රී ලංකාවේ ප්‍රකට සමාගම් රැසක සභාපතිවරු ඇතුළු විශාල පිරිසක් එක් ව සිටියහ.
SDF