නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කින්නියා ජනතාවට රජයෙන් ඉඩම් ලබා දේ

    දෙසැම්බර් 11, 2014

    ත්‍රිකුණාමලයේ කින්නියා ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පවුල් 274කට සෙත සලසමින් රජයෙන් ඉඩම් ලබා දීම පසුගියදා කින්නියා මධ්‍ය මහා විද්‍යාලයේ දී සිදු කෙරිණි.

    එහි දී නැගෙනහිර මහ ඇමති නජීබ් ඒ. මජීද් මහතා අතින් පවුල් 274කට ඉඩම් ඔප්පු ප්‍රදානය කෙරිණි.

     

    2013 වසරේ දී ආරම්භ කරන ලද ඉඩම් කච්චේරිය විසින් ඉඩම් අවශ්‍ය පවුල් පිළිබඳ තොරතුරු සොයා බලා තෝරා ගත් පවුල් සඳහා මෙම ඉඩම් ලබා දුන්නේය.

     

    පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්. තවුෆීක්, කින්නියා ප්‍රාදේශීය ලේකම් ඒ.එම්. ඇනස් යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටියහ.

     

    SDF/SMR_dmu_trinco

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya