නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දීය ධීවරයින් 43ක් නාවික හමුදාවේ අත්අංඩංගුවට

    දෙසැම්බර් 10, 2014

    යාපනය අර්ධද්වීපයට හොරෙන් ඇතුළු වූ ඉන්දීය ධීවරයින් 43ක් නාවික හමුදාව විසින් ඊයේ (09) අත්අංඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.

     

    මෙම ධීවරයින් පේදුරු තුඩුවේ ඊසාන දිග මුහුදු ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව කන්කසන්තුරයට ගෙනැවිත් ඇත.

     

    ඊයේ දිනයත් සමඟ මේ වන විට නාවික හමුදාවෙන් අත්අඩංගුවට ගනු ලැබූ ඉන්දීය ධීවරයින් සංඛ්‍යාව 81 දක්වා ද ටෝලර් රථ සංඛ්‍යාව 87 දක්වාද ඉහළ ගොස් ඇත.

     

    අත්අඩංගුවට ගනු ලැබූ ධීවරයින් නීතිමය පියවර ගැනීම සඳහා යාපනයේ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව වෙත භාර දීමට නියමිත බව නාවික හමුදාව පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya