අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කර සිටියේ ඊයේ ( 09 ) දින රුපියල් මිලියන 133.5 ක වියදමින් පූර්ණ ප්‍රතිසංස්කරණය කළ ගුණසිංහපුර මහල් නිවාස සංකීර්ණය ජනතා අයිතියට පත්කිරීමේ උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි.
එක්සත් ජාතික පාක්ෂිකයන්ට තෝරන්න ඉතිරි ව තිබෙන අලුත්ම තේරවිලි කවියක් විමල් වීරවංශ අමාත්‍යවරයා මෙහිදී ඉදිරිපත් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා “දැන් එක්සත් ජාතික පාක්ෂිකයන්ට තේරවිල්ලක් තෝරන්න තියෙනවා. මම පත්තරයේ දැකපු අලුත් තේරවිලි කවියක්. මේ ජනාධිපතිවරණයේ එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයින්ට තෝරන්න තියෙන අලුත්ම තේරවිලි කවියක් නම්,
“හතුරු මිතුරු දඹදිව තුරු උඩු යටිකුරු සෙට්ටියා
අලුත ගෙනා මනමාලිට විධායකය ගරාලා
හොරගොල්ලට බෙදාලා සිරිකොතටත් බෙදාලා
තිස්ස කපල වැට මුල්ලේ සජිත් කපල දොර මුල්ලේ
අතක් ගනින් සොත්තියෝ ”
"මෙය තමයි එක්සත් ජාතික පාක්ෂිකයන්ට තෝරන්න තියෙන එකම තේරවිල්ල බවට පත්වෙලා තියෙන්නේ. මේ නැඟිටින කොළඹට දියුණුවෙන කොළඹට, නවීන වන කොළඹට, පැරණි මහල් නිවාස අලුත්වන කොළඹට, අලුත් මහල් නිවාස ඉදිකරලා දුප්පතුන්ට දෙන මේ දියුණුව ඉදිරියට ගෙනියන්න නම් ඔය අවුල් හවුල්වලට එකතුවෙලා එය කරන්න බැහැ".
"චන්ද්‍රිකාගේ කෝන්තරයට එරෙහි ව එක්සත් ජාතික පක්ෂය ගොදුරු කරගන්න චන්ද්‍රිකා මංගල මෙහෙයුමට එරෙහි ව එක්සත් ජාතික පක්ෂයේ පැරණි ජ්‍යේෂ්ඨ නායකයන් ආණ්ඩුවට එක්වෙන විදිහ හෙට අනිද්දා බලාගන්න පුළුවන්. යූ.එන්.පී. පාක්ෂිකයෝ අවුරුදු 20ක් පමණ අලියාගේ ආණ්ඩුවක් එනකල් බලාගෙන සිටිනවා. චන්ද්‍රිකාගේ බලි ආණ්ඩුවක් එක්සත් ජාතික පාක්ෂිකයන්ට අවශ්‍යත් නැහැ. තීන්දු කරලත් නැහැ. ඒ අයට අවශ්‍ය අලි ආණ්ඩුවක්. ඒ නිසානේ තිස්ස අත්තනායක මහත්තයා ඇතුළු එක්සත් ජාතික පාක්ෂිකයන් ආණ්ඩුවට එන්නේ. දැන් හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට බලන්න පුළුවන් සිරිසේන මහතත්යො. ඔහොම බලාගෙනම ඉන්න කියලා අපිට එතුමාට කියන්න වෙනවා".
"අද ගුණසිංහ පුර නිවාස යෝජනා ක්‍රමය නවීන නිවාස ක්‍රමයක් බවට පරිවර්තනය කරලා තිබෙනවා. නව උපතක් මෙම නිවාස යෝජනා ක්‍රමයට ලබාදීලා තිබෙනවා. එදා යුද්ධයට පිච්චුණු සල්ලි තමයි අද නිවාස ප්‍රතිසංස්කරණයට යොදාගන්නේ කියලා අපි දන්නවා. වික්‍රමසිංහ මහත්තයා 2001 සිට මේ රටේ අවුරුද්දක් එකහමාරක් ආණ්ඩුව කළා. ඒ කාලේ මෙම නිවාස ප්‍රතිසංස්කරණය කරන්න සල්ලි දුන්නෙත් නැහැ. සල්ලි තිබුණෙත් නැහැ. ඒ යුද්ධය අවසන් කළ නායකයා අද තමුන්නාන්සේලාගේ නිවාස අලුත්වැඩියා කරන්න කටයුතු කරලා තියෙනවා".
"ජනසෙවණ වැඩසටහන යටතේ 36 වෙනි මහල් නිවාස ක්‍රමය අද මේ නවීකරණය කරලා ජනතා අයිතියට පත්කළේ " යනුවෙන් ද විමල් වීරවංශ අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
"මහින්ද චින්තන ඉදිරි දැක්ම" අනුව විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක "ජනසෙවණ - නගමු පුරවර" මහල් නිවාස ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ ප්‍රතිසංස්කරණය කළ 36 වැනි නිවාස ව්‍යාපෘතිය වන්නේ ගුණසිංහපුර මහල් නිවාස ව්‍යාපෘතියයි. ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කර තිබේ.
1985 වර්ෂයේ දී ඉදි කළ ගුණසිංහපුර මහල් නිවාස සංකීර්ණය නිවාස 312කින්, වෙළෙඳ සැල් 216කින් සහ නීතිඥ කාර්යාල 8කින් සමන්විත ව්‍යාපෘතියකි.
මෙම නිවාස සංකීර්ණයේ ගොඩනැගිලිවල වහල පිළිසකර කිරීම, මළ නාලිකා පද්ධතිය හා මනු වලවල් ප්‍රතිසංස්කරණය, අපත ජල බැසයන කුඩා මනුවලවල් හා ගලි පද්ධති ප්‍රතිසංස්කරණය කිරීම, ජල බස්නා කාණු පද්ධති පිළිසකර කිරීම, නිවාස ඒකකවල පිටත හා ඇතුළත ජල කාන්දුවීම් පිළිසකර කිරීම, ළමා උද්‍යානය නවීකරණය කිරීම, බුදු මැදුර නවීකරණය, නව ගේට්ටු යෙදීම වැනි ප්‍රතිසංස්කරණ කටයුතු රැසක් මෙහිදී සිදුකර තිබේ. මෙම ප්‍රතිසංස්කරණ කටයුතුවලට සමඟාමීව විවෘත කාය වර්ධන මධ්‍යස්ථානයක් ද නිවාස සංකීර්ණ භූමිය තුළ අලුතින් ඉදිකර තිබේ.
ගුණසිංහපුර මහල් නිවාස සංකීර්ණයේ වැසියන් විසින් විමල් වීරවංශ අමාත්‍යවරයාට කෘත ගුණ සැලකීමක් වශයෙන් සමරු තිළිණයක් ද මෙහිදී ප්‍රදානය කරන ලදී.
මෙම අවස්ථාවට නාගරික කටයුතු පිළිබඳ ජ්‍යේෂ්ඨ අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, කොළඹ නාගරික මන්ත්‍රීවරුන් වන මොහොමඩ් මුසම්මිල්, රම්සි ටෝනි, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් පී.එච්.එල්. විමලසිරි පෙරේරා, එම අමාත්‍යංශයේ අතිරේක ලේකම් ( නිවාස ) කේ. ඒ. තිලකරත්න, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපති ජගත් කුමාර පෙරේරා, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරී බ්‍රිගේඩියර් මහින්ද මුදලිගේ, සහාධිපත්‍ය කළමනාකාර අධිකාරියේ සාමාන්‍යාධිකාරී උපාලි උපවංශ, ජන සෙවණ මහ ලේකම් කාර්යාලයේ උපදේශක ලක්විජය සාගර පලංසූරිය යන මහත්වරු නිලධාරීහු, නිවාසවාසීහු ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
DB