මෙහිදී සෙබළුන් 20කට ආසන්න පිරිසක් කුච්චවේලි, වාඩිලක්කුලම් පෙරපාසල් පරිශ්‍රය සහ වේරුගල් සිත්තරා වේලායුදම් කෝවිල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ කටයුතුවල නිරත වූහ. 221 බල සේනාව යටතේ වන 6 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ සෙබළුන් විසින් කුච්චවේලි, වෙලයුදම් ගෞතමී පෙරපාසලේ දී අඩුආදායම්ලාභී පවුල්වල ළමුන් 10 දෙනෙකු සඳහා පාසල් උපකරණ සහ ඇඳුම් බෙදා දෙන ලදී.
24 වන සේනාංකය යටතේ වන 242 බල සේනාවේ සෙබළුන් තිරුක්කෝවිල්, තම්බිලුවිල් මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් සඳහා අක්ෂි සායනයක් පවත්වන ලද අතර එදිනම 22 වන සේනාංකයට අයත් 224 බල සේනාව යටතේ වන 5 වන ශ්‍රී ලංකා යුද හමුදා කාලතුවක්කු හමුදා සෙබළුන් විසින් නන්දදාස කෝදාගොඩ පදනම, ධර්මවිජය පදනම සහ Helping Hand සංවිධානයේ මුල්‍යමය දායකත්වය මත මූතුර්, අන්හාර් බාලිකා පාසලේ ඉගෙනුම ලබන අවතැන් වූ ළමුන් 32 දෙනෙකු සඳහා දිවා ආහාරය ලබාදෙන ලදී.
NDH/army.lk