නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික හැඳුනුම්පත් සහ මැතිවරණ හැඳුනුම්පත් ලබාදීමේ විශේෂ වැඩසටහනක් නුවරඑළියේ

    දෙසැම්බර් 09, 2014

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඡන්ද හිමි නාමලේඛනයේ නම සඳහන් එහෙත් හැඳුනුම්පත් නොමැති පුරවැසියන් සඳහා ජාතික හැඳුනුම්පත සහ මැතිවරණ හැඳුනුම්පත ලබා දීම පිළිබඳ ව විශේෂ සාකච්ඡාවක් ඊයේ (08) දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. 


    පසුගිය දිනයන් හි දී විවිධ මාධ්‍ය මඟින් මේ පිළිබඳ ව ප්‍රවෘත්ති පළ වූ අතර ඒ සඳහා ක්‍රියාත්මක වූ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතා මෙම විශේෂ සාකච්ඡාව පැවැත්වූ අතර මේ සඳහා නුවරඑළිය සහකාර මැතිවරණ කොමසාරිස් අරුණ සෞම්‍ය ප්‍රනාන්දු මහතා ද සහභාගී වී සිටියේය. 

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ වතුකරයේ ජනතාව වෙත මෙම ජාතික හැඳුනුම්පත සහ තාවකාලික මැතිවරණ හැඳුනුම්පත ලබා දීම පිළිබඳ මෙහිදී විශේෂයෙන් සාකච්ඡාවට ලක් විය. ඉදිරියේදී එළඹෙන ජනාධිපතිවරණය සඳහා ඡන්දය භාවිත කිරීම සහ ස්වකීය අනන්‍යතාව තහවුරු කිරීම සඳහා ජාතික හැඳුනුම්පත නොමැති ඡන්ද දායකයින් වෙත මැතිවරණ හැඳුනුම්පත් ලබා දීමේ ජංගම වැඩසටහන ඉදිරියේදී නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කොට ගෙන ක්‍රියාත්මක වේ. මේ සඳහා මූල්‍ය දායකත්වය ෆැපරල් ආයතනය විසින් දරනු ලබන අතර දෙසැම්බර්  11, 12, 13, 14, 15 සහ 16 යන දිනයන්හි දී ස්ථාන දොළහක් කේන්ද්‍ර කොට ගෙන මෙම ජංගම හැඳුනුම්පත් ලබා දීමේ කඳවුරු පැවැත්වීමට නියමිතය. 

    ඒ අනුව අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මස්කෙළිය ජෝසප් ප්‍රාථමික විද්‍යාලයේ හා දික්ඔය නගර ශාලාවේ ලබන 11 දිනත් ගිනිගත්හේන ප්‍රාථමික විද්‍යාලයේ ලබන 12 දිනත් මේ කඳවුරු පැවැත්වේ.

    නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ශ්‍රී මුත්තු විනයාගර් කෝවිල-කොටගලහි ලබන 12 දිනත් ලබන 13 දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලය -නුවරඑළිය හා මුත්තුමාරි අම්මාන් කෝවිල-ඩයගම හැඳුනුම්පත් ලබා දෙන ජංගම කඳවුරක් පැවැත්වෙන අතර වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වලපනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හා රාගල මොඩල් ප්‍රාථමික විද්‍යාලයේත් මෙවැනි ම කඳවුරක් පැවැත්වීමට නියමිතය.

    දෙසැම්බර් 15 දින හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හේවාහැට පුස්තකාලයේ හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේත් දෙසැම්බර් 16 කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මල්දෙනිය කෘෂි සේවා මධ්‍යස්ථානයේ හා කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේත් ජංගම කඳවුරු පැවැත්වීමට නියමිතය.

    ඉහත මධ්‍යස්ථානයන් හි දී  මැතිවරණ හැඳුනුම්පත් සහ ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු මේ වන විට සම්පාදනය කොට ඇති අතර ඡායාරූප ලබා ගැනීමේ සිට සියලු පහසුකම් නොමිලේ සිදු කෙරේ. 

    NDH/SH-dmu nuwaraeliya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya