නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2014 නුවරඑළියේ සංවර්ධන ව්‍යාපෘති සාර්ථකයි

    දෙසැම්බර් 09, 2014

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ 2014 වසර සඳහා යෝජිත සංවර්ධන ව්‍යාපෘති රැසක වැඩකටයුතු මේ වන විට අවසන් වෙමින් පවතී.


    වතුකරයේ ජනතාවගේ යටිතල පහසුකම් සහ සුබසාධන කටයුතු වඩාත් පුළුල් වූ අතර කෘෂිබෝග ව්‍යාප්තිය වඩාත් ක්‍රමවත් වී තිබේ. කෘමිනාශක භාවිතය අවම කිරීම සඳහා වූ එකඟතා රැසක් වර්ෂය ආරම්භයේදී ම ඇති කර ගැනීම සුවිශේෂී වූවකි. ප්‍රජා සෞඛ්‍ය සේවා ක්‍රමවත් කිරීම, පෝෂණ තත්ත්වයන් නගාසිටුවීම සහ වතුකරයේ අධ්‍යපනය නොලබන දුවා දරුවන් පාසල්ගත කිරීම සඳහා මෙම වර්ෂයේ වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක විය.

    අන්තර්ජාලය භාවිතයෙන් සිදුවන ළමා අපචාර පිළිබඳ පාසල් දුවා දරුවන් දැනුවත් කිරීම නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන්නට යෙදුණු අතර එය මේ වන විට දිවයින පුරා ක්‍රියාත්මක වේ. එමෙන් ම මුල් ළමාවිය සංවර්ධන කටයුතු වඩාත් කාර්යක්ෂමව ක්‍රියාත්මක වූ අතර මධ්‍යම පළාතේ ප්‍රථම ළමා හා කාන්තා සංවර්ධන ඒකකය ස්ථාපිත කිරීම සහ නුවරඑළිය නගරයේ ඉදිවන දිවා සුරැකුම් මධ්‍යස්ථානය සුවිශේෂී වූ කඩඉමකි.

    ද්විභාෂා දිස්ත්‍රික්කයක් ලෙසින් හඳුන්වනු ලබන නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ 2014 වසර තුළ සමාජ ඒකාබද්ධතා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක විය. සිංහල දමිළ භාෂා පුහුණු කඳවුරු සහ ජාතික ඒකාබද්ධතා පුහුණු වැඩසටහන් දිස්ත්‍රික්කයේ රාජ්‍ය අංශයේ නිලධාරීන් වෙනුවෙන් මෙම වර්ෂය පුරා ක්‍රියාත්මක විය. 

    ජීවනෝපාය මාර්ග වඩාත් සවිමත් කරමින් ග්‍රාමීය ජනතාව වෙනුවෙන් නව ව්‍යාපෘති රැසක් ආරම්භ කරන්නට යෙදුණු අතර මිරිදිය ජලාශ ව්‍යපෘති, මල් වගා කිරීමේ ව්‍යාපෘති, අත්කම් නිර්මාණ, විසිතුරු මත්ස්‍ය ව්‍යාපෘති ඇතුළුව කුඩා පරිමාණ ව්‍යාපෘති රැසක් 2014 වර්ෂයේ දිවි නැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ වඩාත් විධිමත් කෙරිණි.

    සංස්කෘතික ප්‍රබෝධය වෙනුවෙන් පැවති සිංහල දමිළ සංස්කෘතික වැඩසටහන් රැසක් 2014 දී නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කොට ගෙන පැවැත්විණි. නව ක්‍රීඩා පුහුණු වැඩසටහන් දිස්ත්‍රික්කය පුරා ක්‍රියාත්මක වූ අතර ජාතික තලයේ ජයග්‍රහණ කිහිපයක් ද 2014 දී දිස්ත්‍රික්කය වෙත ලබා ගැනීමට හැකි විය. එමෙන් ම ආපදා අවස්ථාවන් හි දී දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙතින් දියත් කරන්නට යෙදුණු සහන සේවා සහ පුහුණු වැඩසටහන් තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

    2014 වර්ෂයේ ආරම්භයේ සිට අවසාන කාලසීමාව දක්වා ම විවිධ වූ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ අධිකාරී යටතේ සේවය කරනු ලබන නිලධාරීන් රැසකගේ විවිධ වූ ව්‍යාපෘති සිදු කෙරිණි. නුවරඑළිය දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරියේ උපදෙස් මත නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතාගේ මෙහෙයවීමෙන් අතිරේක දිස්ත්‍රික් ලේකම් යූ.ඩබ්.ආර්.යූ.එම්. අමරසේකර මහත්මියගේ අධීක්ෂණය යටතේ ඉතා සාර්ථකව එම ව්‍යාපෘති නිමා විය.

    NDH/SH_dmu_nuwaraeliya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya